(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී රොකට් සයින්ස් වලට යෑමට අවශ්‍ය නැති බවත් 1944 දී කන්නන්ගර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළහොත් අධ්‍යාපනය අමාරුවේ නොවැටෙන බවත් ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
මාන්නප්පෙරුම මහතා මෙසේ පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
අජිත් මාන්නප්පෙරුම මහතා මෙසේද පැවසීය.
හැම පාසලකම දිවි භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතුයි. විෂයන්ගෙන් බාගයක්ම ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීමෙන් මේ ප්‍රශ්නයට උත්තරයක් ගන්න පුළුවන්. මේ සඳහා දින වකවානු ඇතුළු වැඩපිළිවෙළක් හදන්න. ලොකු ප්‍රතිසංස්කරණවලට යන්න කලින් ඒක කරන්න. රටක් වෙනස් කරන්න පුළුවන් එකම ක්‍රමවේදය අධ්‍යාපනය. ඒ ගැන හිතලා මුදල් වෙන් කිරීම වැදගත්.
ගම්පහ කියන්නේ උගතුන් බිහි කරන දිස්ත්‍රික්කය. ගම්පහ පාසල් 97 න් ද්විභාෂා උගන්වන්නෙ 16 ක පමණයි. තාක්ෂණය උගන්වන්නේ පාසල් 12ක විතරයි. ද්වි භාෂා සහ තාක්ෂණය තියෙන්නෙ නගරෙ තියෙන ලොකුම ඉස්කෝලේ විතරයි. අපේ අධ්‍යාපනය ජාත්‍යන්තර ප්‍රමිතියට හදන්න ඕන. ඒ ප්‍රමිතියට විෂය ධාරා හදන්න ඕන. විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් ජාත්‍යන්තර ප්‍රමිතියට ගන්න ඕන. ජාත්‍යන්තර දේශගුණ විපර්යාස විශ්ව විද්‍යාලයක් හදනවා කියලා කියනවා. ගිය අයවැයටත් ඕක තිබුණා. අපේ ළමයි ළමයි නෙවෙයිද පිටරට ළමයින්ට විතරද උගන්නන්න ඕන.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නේ තියෙන්නෙ ඔතන නෙමේනේ. වැඩ කරන්න පුළුවන් කෙනෙක් අධ්‍යාපනයට දැම්ම කියමුකෝ ඒ ඇමති අධ්‍යාපනය හැදුව කියමුකෝ ඊ ලඟට ඒ යකා ජනාධි පති කමට සුදුස්සෙක් වෙනවා. එතකොට කොහොමද වර්තමාන ජනාධිපති තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්නේ? අධ්‍යාපනය තියෙනෙ විදියට තියෙන්න දෙන්න. දක්ෂ මිනිස්සු ඕනෑම නැහැ. මම ජනාධිපති. ඊළඟ ජනාධිපතිත් මට ඕන විදියට.
බුද්ධිමත් අයෙකුගේ වැදගත් අදහස් දැක්වීමක් කියන්න පුළුවන් රටේ භාවිතා කරන භාෂා තුනම සෑම දරුවෙකුටම ඉගෙනීමට අවස්ථාව සලස්වනවා නම් තවත් හොදයි
ඇයි චිචී බේබිට විතරද රොකට් සයන්ස් ඉගෙන ගන්න පුළුවන් .අපේ ළමයින්ට බැරිද ?
ඔව් ඔව් අපිට මොන රොකට් සයන්ස් ද ,චිචියා ඉන්නවානේ අරින රොකට් එකක් අරගන්න
අජිත් උන්නැහේ 1944 ශ්‍රීමත් කන්නන්ගර මහතාගේ ප්‍රතිපත්ති දැන් යල් පැනලා. සැමටම අද්‍යාපනය උසස් පෙළ දක්වා නොමිලේ දෙන්න. ඒ ගැන කිසිම විවාදයක් නැත ඒත් උසස් අද්‍යාපනයට මුදල් අයකරන්න. ලෝකේ දියුණු රටවල පවා උසස් අද්‍යාපනයට මුදල් අයකරනවානම් ඇයි මේ දුප්පත් රටේ උසස් අද්‍යාපනය නොමිලේ දෙන්නේ? ඇයි මගේ බදු මුදලින් කාවවත් දොස්තර කෙනෙක් කරන්නේ, ඉංජිනේරු වෙක් කරන්නේ, විශේෂයෙන් නීතිඥ යෙක් කරන්නේ? ඔවුන් කරන්නේ බදු ගෙවන්න බැහැ කියලා රට යන එකයි. නීතිඥ යෝ කරන්නේ අපේ මුදලින් ඉගෙනගෙන අපෙන් පොහොසත් වෙන එකයි. ඒ නිසා උසස් පිං අද්‍යාපනය නවතා දමන්න.