
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රංග නිශාන්ත මහතාගේ මරණය යට කුමන හෝ රහසක් තිබෙන බව පෙනෙන්නට ඇති හෙයින් ඒ පිළිබද පරීක්ෂණය ස්කෝට්ලන්ඩියාඩ් පොලිසියට බාර දෙන්නැයි ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය
මේ මරණය ගැන රජයේ අැත්තන් කියන කතා බැලුවම ආණ්ඩුවේ පරීක්ෂණ විශ්වාස නැතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.
රංග රාජපක්ෂ මහතාගේ සිරුරේ බපතළ කැපුම් තුවාල තිබූ බවත් මරණය ගැන කිසිම පරීක්ෂණයක් නොකර තිබියදී පොලිසිය එය සියදිවි හානි කර ගැනීමක් යැයි ප්‍රකාශ කළ බවත් ඔහු කීය.
මුජිබර් රහුමාන් මහතා මෙසේද පැවසීය.
අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වගකීම තමයි මරණයට හේතු සෙවීම. මරණය සිද්ධ වෙච්ච ආකාරය කියන්න එයාලාට බැහැ. එයාලට කියන්න පුළුවන් මරණයට හේතුව විතරයි. ඒක තමයි මෙතන සැකය . මරණය සිද්ධ වෙච්ච ආකාරය කියන්නේ මරණ පරීක්ෂක.
සැකය වහන්න තමයි විවාදය දෙන්නෙ නැත්තේ? විවාදය පැය දෙකක් ඉල්ලුවම එකහමාරක් දෙන්නේ ඒකයි.
අනුරාධපුර පැත්තේ කෙනෙක්ට නයෙක් ගහලා මැරුණා. මරණයට හේතුව නයි විෂ ශරීරගතවීම කියලා දුන්නා. පරීක්ෂණ කරනකොට අහු වුණා, එයාගේ ඇඳට නයෙක් ගෙනල්ල දාලා. ඒක ඝාතනයක්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕන නැහැ. බොරු වැඩ කරන්න එපා... අන්න එයාට දුන්නා නම් ඔක්කොම හොයලා ගනියි.