ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට ඈඳා ගන්නා බවට ජනාධිපති ට්‍රම්ප් වරින් වර කරන තර්ජනාත්මක ප්‍රකාශ හේතුවෙන් අමෙරිකාව සහ යුරෝපය අතර අර්බුදකාරි තත්ත්වයක් නිර්මාණය වී ඇත.

ඩෙන්මාර්කයේ මැදිහත් වීමෙන් මේ වනවිට ග්‍රීන්ලන්තය වෙත ඒකාබද්ධ හමුදා සහ නෞකා යොමු කිරීමට ද යුරෝපා රටවල් කටයුතු කර ඇතැයි ද පැවැසෙයි.

ජර්මනිය, ප්‍රංශය, ස්වීඩනය, නෝර්වේ, ෆින්ලන්තය, නෙදර්ලන්තය සහ බ්‍රිතාන්‍ය හමුදා මෙසේ ග්‍රීන්ලන්තයට පැමිණ ඇතැයි ද පැවැසෙයි.