
(ටී.කේ.ජී.කපිල)
කටුනායක ගුවන් තොටුපොළෙන් කුවේට් සහ දමාම් බලා පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් යානා 02 ක් , මැදපෙරදිග කළාපයේ හදිසියේ හටගත් යුදමය වාතාවරණයත් සමග , එම ගුවන් අවකාශ වසා දැමීම නිසා පැයකට අධික කාළයක් , එම කළාපයට ආසන්න ඉහළ අහසේ රවුම් ගසමින් සිට , සුරක්ෂිතව එම ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට නියමුවන් සමත් වූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .
මෙම ගුවන්යාන දෙක අද උදෑසන වනවිට, යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 229 දරන ගුවන් යානය කුවේට් රාජ්‍යයේ කුවේට් රාජ්‍යයේ සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ඊයේ (14) දින පස්වරු 05.10 ටත්, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 253 දරන ගුවන් යානය දමාම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ඊවේ (14) රාත්‍රී 06.36 ට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ .
මෙම ගුවන් යානා ඒ.- 321නියෝ වර්ගයේ ගුවන් යානා දෙකකි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්ලේන් එක තටුවකින් අල්ලලාද කරකවල තියෙන්නේ?