(අංජුල මහික වීරරත්න)

" දිට්වා "සුළි කුණාටුවෙන් හානියට පත් උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් බ්‍රහස්පතින්දා 9  සිට යාපනය /කන්කසන්තුරය දක්වා නැවත දුම්රිය ධාවනය ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

" දිට්වා " සුළි කුණාටුව හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ස්ථාන 14ක් බරපතල ලෙස හානි සිදු වී තිබුණි. මෙම ස්ථාන තාවකාලික පිළිසකර කිරීම් වලින් පසු දුම්රිය ධාවනය 2025/12/24 දින සිට ආරම්භ කල අතර එහිදී කොළඹ කොටුව / යාපනය අතර දුම්රිය ධාවනය අඩු වේගයකින් සිදු විය." දිට්වා " සුළි කුණාටුවෙන් හානි වූ එම ස්ථාන 14 හි ස්ථිර ප්‍රතිසංස්කරණය කටයුතු සඳහා නැවතත් 2026/01/19 දින සිට උතුරු මාර්ගයේ ධාවනය තාවකාලිකව අත්හිටු වීමට කටයුතු කරන ලද අතර මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ඉන්දියානු රජයේ ප්‍රදානයක් මත ලැබුණු ඩොලර් මිලියන 05 ක මුදලකින් සිදු කරන ලදී.

" දිට්වා " සුළි කුණාටුවෙන් හානි වූ ස්ථාන 14 ප්‍රතිසංස්කරණයෙන් පසු හා මහව - ඕමන්තේ මාර්ග නවීකරණයට අදාළව ස්ථානගත කල යුතුව තිබු පාලම් 05 ක් සහ '' කාසි කොටේ '' අලි උමගේ කටයුතු යන සියළුම කටයුතු අවසන් වීමෙන් පසු 9 වන දින සිට පහත ආකාරයට උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. 

යාපනය නගරාන්තර දුම්රිය සහ යාපනය රාත්‍රී තැපැල් දුම්රිය 9 දින සිටත්, යාල් දේවී දුම්රිය 10 වන දින සිටත් දිනපතා ධාවනයට සැලසුම් කර ඇත. එම දුම්රියන් නවත්වනු ලබන ප්‍රධාන දුම්රිය ස්ථාන කිහිපයක පිටත් වීමේ වේලාවන් පහත පරිදි වේ.