
'ආටිමිස් 2’ ආරම්භවී පළමු දිනයේ ම, ගගනගාමීන්ට ගැටලුවකට මුහුණ දීමට සිදුවිය. එ්, ඔරායන් යානයේ ඇති වැසිකිළිය නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු බැවිනි. වැසිකිළි යෑමට නොහැකි වී පැය ගණනාවක් තිස්සේ ඔවුන් අසරණ වුණු බව පැවැසෙයි.
පෘථිවියේදී මෙවැනි ගැටලුවක් නැතිනම් දොෂයක් සුළු දෙයක් වගේ පෙනුණත්, අභ්‍යවකාශයේදී මේක ඉතා වැදගත් තාක්ෂණික අභියෝගයකි. ඔරායන් Orion ගගන යානයේ ඇති වැසිකිළි පද්ධතිය toilet system හඳුන්වන්නේ UWMS (Universal Waste Management System) යනුවෙනි.
පෘථිවියේ වගේ ගුරුත්වාකර්ෂණයක් නොමැති බැවින්, මෙම පද්ධතිය ක්‍රියාත්මක වන්නේ, වායු ප්‍රවාහයක් මාර්ගයෙනි. ද්‍රව සහ ඝන අපද්‍රව්‍ය ශරීරයෙන් ඉවතට ඇදගන්න මධ්‍යගත පාලක පරිපථයක් සහිත ද්විත්ව පංකා වෙන්කරනයක් මීට යොදා ගැනෙයි.
මුත්‍ර වෙනම මාර්ගයකින් යානයෙන් පිටතට මුදා හැරීම සිදුවෙයි. මළපහ වෙනම බදුනකට ගබඩා කර පෘථිවියට ආපසු රැගෙන එයි. වැසිකිළියේ ගැටලුව ගැන කතා කළොත්, ගගනගාමීන් රැගත් යානය පෘථිවි කක්ෂයට ගොස් සඳ බලා ගමන් ආරම්භ කිරීමට පෙර, පෘථිවි කක්ෂයේ රැඳී සිටින අවස්ථාවේදී, වැසිකිළියේ දෝෂයක් පෙන්වමින් විදුලි බුබුළක් නිවෙන්න සහ දැල්වෙන්න පටන් ගත්තේය. මුත්‍ර එකතු කරන කොටසේ වායු ප්‍රවාහය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම ඊට හේතුව බව පැහැදිලි විය.
ඊට සම්බන්ධ පංකා අක්‍රියවීම මෙයට හේතුයව බව පෘථිවියේ පාලන මැදිරිය සමඟ මේ ගැන කතාබහ කරද්දී ක්‍රිස්ටිනා කොක්ට අවබෝධ විය.
වායු ප්‍රවාහය නොමැතිව, අඩු ගුරුත්වයකදී වැසිකිළිය භාවිතයට ගැනීම කළ නොහැකිය. එබැවින්, දෝෂය කඩිනමින් නිවැරදි කළ යුතු විය. දිගින් දිගටම පෘථිවිය සමඟ සම්බන්ධ වෙමින් වැසිකිළියේ දෝෂය නිවැරිදි කර ගැනීමට සමත් වුණේ කොක්ටයත එතෙක් වැසිකිළි නොයා සිටීමට ගගනගාමීන්ට සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd