
(සජීවා කෝට්ටගොඩ,උපුල් හේරත් සහ එස්.පොතුපිටිය)
අනුරාධපුර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ යාල් දේවි දුම්රිය මහව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැන ඇතැයි මහව දුම්රිය ස්ථානය පවසයි.
අද (04) සවස 3 .52 ට පමණ මහව දුම්රිය ස්ථානයට ළඟා වූ දුම්රිය, දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ දී පෙට්ටි 5 ක් පීලි පැන තිබේ.
මෙම හේතුව නිසා එහි ගමන් ගත් දුම්රිය මගීන්ට දැඩි අපහසුතාවයකට මුහුණ පෑමට සිදුවතිබේ.
මගීන්ගේ ගමන් පහසුව සැලසීම සඳහා ඉතිරි දුම්රිය පෙට්ටි 7 සවස 5.45 පමන වන විට කොළඹ කොටුව බලා ධාවනය කරවීමට කටයුතු කළ බව දුම්රිය ප්‍රකාශකයෙක් පැවැසීය.
අනතුර සිදු වූ වහාම ක්‍රියාත්මක වූ දුම්රිය සේවයකයින් පීලි පැන ඇති දුම්රිය පෙට්ටි 5 පීලිගත කිරීමට මේ වන විට කටයුතු කරමින් පවතී.
මෙම අනතුර නිසා නිකවැරටිය මොරගොල්ලාගම මාර්ගයේ ගමනාගමනයට බාධා සිදුව තිබෙන අතර මහව මූලස්ථාන පොලීසිය වෙනත් විකල්ප මාර්ග ඔස්සේ රථ වාහන යැවීමට කටයුතු කර තිබේ.
(එස්.පොතුපිටිය)

2025 නොවැම්බර් මස 21
165
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
235
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
යාල්දේවි මහවදි පාර මාරු කරයි
Kumar (Gulf) Saturday, 04 March 2023 05:32 PM
අඩු ප්‍රමිතියේ ඉන්දියන් කුණු ගොඩවල්...
Lalla Saturday, 04 March 2023 06:18 PM
ඕක පෞද්ගලික අංශයට දෙන්න. ආණ්ඩුවේ සේවකයින්ට පුළුවන්ද වැඩක් කරන්න..? පින්පඩිකාරයින් පිරුණු ආයතන...
අබරන් Sunday, 05 March 2023 06:43 PM
කාලයක් මමත් මේ කෝච්චි වල බඩගෑවා රස්සාවට යන්න. කෝච්චි නම් යනවාට වෙන්නේ පිලී පනිනවයි, එකතැන නවත්තගෙන ඉන්න එකයි කරන්නේ. හරියටම ගණන් හදලා බැලුවොත් සතියේ දවස් හතෙන් දවස් දෙකකට වැඩිය මහා පාරේ රස්තියාදු වෙනවා රටේ ප්‍රවාහන සේවය තුළ...