(අංජුල මහික වීරරත්න)
යාල වනෝද්‍යානයට ඇතුළත් ව අයථා ලෙස වාහන භාවිතා කරමින් වනජීවී හා වෘක්ෂලතා පනත උල්ලංඝනය වන අයුරින් කටයුතු කළ පිරිස සම්බන්ධව පියවර නොගත් වන නිලධාරීන් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය තීරණය කර තිබේ.
කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග සාකච්ඡා කර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකුගේ සභාපතිත්වයෙන් මෙම ත්‍රිපුද්ගල කමිටුව පත් කිරීමට පියවර ගන්නා බව ලේකම්වරිය පැවසුවාය.
එමෙන්ම මෙම සිදුවීමේ දී රාජකාරිමය වගකීම් පැහැර හැරි හා සිද්ධියට ඝෘජුව හෝ වක්‍රව දායකත්වය සැපයීමෙි චෝදනා මත තාවකාලිකව සේවය අත්හිටවූ නිලධාරීන් හත් දෙනාට අමතරව ඊට සම්බන්ධ තවත් නිලධාරීන්ගේ නම් හෙළිදරව් වුවහොත් ඔවුන්ට එරෙහිව ද විනයානුකූලව පියවර ගැනීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා තීරණය කර තිබෙි.
එමෙන්ම යාල වනෝද්‍යානයේ අනිසි ලෙස හැසිරුනු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම වැනි කටයුතුවල දී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරන බව අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මේ වැඩේ යට ගහන්න ගහන ගේමක්.. කමිටු පත්කරලා මේ රටේ ප්‍රශ්න විසඳුවේ කවද්ද? වාහන අංක තියෙනවා නම්, එළවපු මිනිස්සු වනජීවී නිලධාරීන් දන්නවා නම්, ඒ මිනිස්සු අල්ලලා උසාවි දාලා නීතිය ක්‍රියාත්මක කරන්න බැරි මොකද? වනජීවී නීතිය කඩන හැම වෙලාවේම කමිටු පත්කරගෙන ඉන්නද මෙයගේ කල්පනාව..?
එළියේ ඉන්න සත්තු කැලේට ආවම ඔහොම තමයි