IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


යල් පැනපු පනත් ඉක්මනට වෙනස් කරනවා

(අංජුල මහික වීරරත්න)

ශක්තිමත් රාජ්‍ය සේවාවක් ස්ථාපිත කිරීමට  පනත් වල තිබෙන යල් පැන ගිය  තත්ත්වයන්  කඩිනමින් වෙනස් කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෑම වෘත්තියකටම අයත් වෘත්තිකයන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීන්දු තීරණ ගන්නා ස්ථාන වල සිටිය යුතු බවද අමාත්‍යවරයා කීය.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ  90 වන සංවත්සරය අමතමින් අමාත්‍යවරයා මේ බව කීය. කඩවත, “රෝස් ගාඩ්න්” උත්සව ශාලාවේ දී මෙය පැවැත්විණි.

දීර්ඝ කාලයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස සේවය කළ නිලධාරීන් මෙහිදී අගය කිරීමට ලක් කළ අතර ඔවුන් හට සමරු තිළිණ ද අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් ප්‍රදානය කරන ලදී.

එමෙන් ම ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ   Voice of Public Health, face book පිටුව සහ youtube නාලිකාව ද අමාත්‍යවරයා විසින් මෙහි දී  එළිදක්වන ලදී.

මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව මෙහෙයවීමේ දී එහි දිශානතියේ  යම් වෙනසක් සිදුකළ යුතු බව පැවැසීය.



අදහස් (0)

යල් පැනපු පනත් ඉක්මනට වෙනස් කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site