(අංජුල මහික වීරරත්න)
ලබන යල කන්නයේ දී රසායනික පොහොර සඳහා වැට් බදු ඉවත් කිරීමට රජය අවධානය යොමු කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙවර මහ කන්නයේ වගා සදහා අවශ්‍ය සියලු රසායනික පොහොර මේ වනවිට රටට ගෙන්වා ඇතිතේ පැරණි මිල ගණන්වලට බව කී අමාත්‍යවරයා ඒ සඳහා වැට් බදු අය කර නැති හෙයින් දැනට අලෙවි කරන යුරියා, MOP, TSP වැනි රසායනික පොහොර සඳහා වැට් බදු එකතු කර පොහොර මිල ඉහළ නැංවීමේ අවශ්‍ය නොවන බවද සඳහන් කළේය.
කූඨ වෙළෙන්දන් වැඩි මිල ගණන් යටතේ පොහොර අලෙවි කළහොත් ඔවුන්ගෙන් බිල්පතක් ගෙන එය කෘෂිකර්ම අමාත්‍යාංශයට එවන්නැයි කී අමාත්‍යවරයා ඊට අවශ්‍ය නීති පියවර ගන්නට කටයුතු කරන බවද කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් හිතාගෙන උන්නෙ රටේ සංවර්ධනය අපේක්ෂා කරන රජයක් හැටියට පොහොර සදහා වැට් බදු නොගසාවි කියලා තමයි ඒකටත් වැට් ගහනවා නම් අපටත් අස්වැසුම අවශ්‍යම වෙනවා.මෝඩයිනේ රට හදන්න සැබෑ උවමනාවක් තියෙනවා නම් දේශීය නිෂ්පාදනය දිරිගැන්වීම කර රටට විනිමය වැඩියෙන් ඇදගැනීමට කටයුතු කරපල්ලා
මේ ගැන මෙයාට වඩා, මුදල් අමාත්‍යංශය නිල වශයෙන් නිවේදනයක් නිකුත් කළා නම් තමයි හරි. මීට කලිනුත් එක් ඇමති කෙනක් පාර්ලිමේන්තුවේදී කිව්වා ඉන්ධනවලට වැට් බදු එකතු වෙන්න නැහැ කියල. පසු දින තවත් ඇමති කෙනක් කිව්වා සියලු භාණ්ඩවලට වැට් බදු එකතු වෙනවා කියල. ඇත්තටම මේ ආණ්ඩුවේ ඉන්න අමතිලාවත් හරියට දන්න නැහැ, ඔවුන් පත් කරපු ජනාධිපති මොනවාද කරනවයි කියල.