(අංජුල මහික වීරරත්න)

යුරියා පොහොරවල පණුවන් සිටිතියි පොලාන්නරුව මනම්පිටියේ ගොවීන් පිරිසක් කළ ප්‍රකාශයක් ගැන  වහාම පොළොන්නරුවට ගොස් විමර්ශනයක් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.

රජය විසින් සපයන ලද යුරියා පොහොර වල කළුපැහැති පණුවන් විශේෂයක් සිටින බවට පුවතක් පැතිර ඇතැයි ද අමාත්‍යාංශය පවසයි.

මෙි සම්බන්ධයෙන් ජාතික පොහොර ලේකම් කාර්යාලය අමාත්‍යවරයාට පවසා ඇත්තේ යුරියා යනු ඇමෝනියා බහුල වශ‌ෙයන් තිබෙන රසායනික පොහොරක් නිසා යුරියාවල කිසිසේත්ම ජීවියකුට පැවැතිය නොහැකි බවයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසූයේ අදාල සිදුවීම සම්බන්ධව වහාම වාර්තාවක් සපයන ලෙස  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන්,ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. එච්. එම්. එල්. අබේරත්න හා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකු  හේවාගේ යන මහත්වරුන්ට උපදෙස් දුන් බවයි.