
(අංජුල මහික වීරරත්න)
යුරෝපයේ වැවෙන මිදි උව පරණගම ඇත්කඳවක ගමේ සාර්ථකව වගා කර තිබේ.
ඇත්කඳවක ජේ.එම්.ඩබ්ලිව් බණ්ඩාර මහතාගේ අක්කර භාගයක ඉඩම් කොටසක මෙම මිදි වත්ත පිහිටා ඇත.
"ඊශ්‍රායෙල් බ්ලු" නැමති මිදි ප්‍රභේදය එම ඉඩමේ වගා කර ඇති අතර ඒවායේ ප්‍රනීත රසයක් ඇති බව කියති.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද මිදී වගාව නිරීක්ෂණය කිරීම සඳහා එහි ගියේය.
මෙරට මිදි වගාව සඳහා සුදුසුම ප්‍රදේශය යාපනය බව හදුනාගෙන තිබුනත් දැනට යාපනයේ වගා කරන ඉසබෙලා නැමැති මිදි වර්ගය වයින් සැකසීම සදහා පමණක් උචිත බවට ද මතයක් පවතී.
ඊශ්‍රායෙල් බ්ලු නැමැති මිදි ප්‍රභේදය ඌව පරණගම පමණක් නොව මෙරට කවර ප්‍රදේශයක වුවද වගා කළ හැකි බව බණ්ඩාර මහතා පැවසීය.
කප්පාදු කරන ලද මිදි අතු යොදා ගනිමින් අලුත් මිදි පැල සකස් කරන බවත්, ඒ සදහා විශාල ඉල්ලුමක් ඇති බවත් බණ්ඩාර මහතා සඳහන් කළේය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසූයේ මෙරටට මිදි ආනයනය කිරීම සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 900ක් පමණ වැය වෙන බවයි.
මෙරට වගා කිරීම සඳහා සුදුසු මිදි ප්‍රභේදයක් සකසන ලෙස 2018 දී තමා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බවත් නමුත් තවමත් ඔවුන්ට ඒ සඳහා කටයුතු කිරීමට හැකි වී නැති බවත් අමාත්‍යවරයා කීය.
බණ්ඩාර මහතාගේ මිදි වගාව තමා නිරීක්ෂණය කළ බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා ඒවායේ ආනයනික මිදිවලටත් වඩා ඉහළ රසයක් තිබෙන බව පැවසීය.
මෙම මිදි වගාව පුළුල් කළහොත් ඉදිරි කාලයේ දී මිදි ආනයනය කිරීමට අවශ්‍ය වන්නේ නැතැයි ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුලුල් කලහොත්?
එහෙනම් ඉතින් බණ්ඩාර මැතිතුමා වගේ දක්ෂතා තිබෙන අයට අමාත්‍යාංශයේ තනතුරු ලබාදී නින්දේ පසුවන නිළධාරීන් ගැන තීරණයක් ගන්න කාලය හොදයි බණ්ඩාර මැතිතුමාට ශුභ පතමු
මිලියන 900, සාමාන්‍යයෙන් දිනකට මිලියන 3ක්, දිනකට USD 3,000,000ක් සාමාන්‍යයෙන් කිලෝ 1ක් USD 3ක්, ඒ නිසා මෙය කිලෝ මිලියන 1ක් වෙනවා... එය එන්නේ නැව්වලින් හෝ ගුවන් යානාවලින් නොව උමං මාර්ගයකින්ද?
රාජ්‍ය ආයතන කල්මරද්දී පෞද්ගලික ගොවීන්ගෙන් අවශ්‍ය දේ සිදුවන බවට මේ හොද උදාහරණයකි. රජය අඩුවශයෙන් ඔවුන් දිරිමත් කිරීමක් හෝ සිදුනොවේ. එහෙත් රාජ්‍ය නිලධාරීන් ඔවුන්ගේ සුඛවිහරණය නමි නොඅඩුව සපයාගනිති.
ඇමතිගේ කතාව වැදිලා මිදී තිත්ත වෙයිද මන්දා?
වසරකට ඩොලර් මිලියන 900ක් කීම මොනතරම් මෝඩ දෙයක්ද? මේ මෝඩයා මේක කියන්න කලින් ගනන් බලන්න.
අපට මේවා ලබා දෙන්න පුලුවන් නම් ඒකට ක්‍රමයක් සලසන්න අපිත් හොද හොදට වගා කරන්නම්