ශ්‍රී ලංකාවේ ‘පරිවර්තන, සංහිඳියා සහ පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය ශක්තිමත් කිරීම’ සඳහා යුරෝපා සංගමය යුරෝ මිලියන 40ක් ලබා දී තිබේ.
යුරෝපා සංගමයේ මූල්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන මෙම ‘පරිවර්තන, සංහිඳියා සහ පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය ශක්තිමත් කිරීම (ස්ට්‍රයිඩ්)’ ව්‍යාපෘතිය ලෝක බැංකුවේ ද සහභාගීත්වය ඇති ව සිදු කෙරෙන්නකි.
අදාළ මූල්‍ය ගිවිසුමට අද (9) අත්සන් තැබුණු අතර යුරෝපා සංගමයේ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා දූත පිරිසේ ප්‍රධානී තානාපති තුන් ලායි මාර්ග් මහතා අත්සන් තැබූ අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා අත්සන් තැබීය.
මෙම ව්‍යාපෘතිය පළාත් පාලන ආයතන සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන අතර උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත් කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරේ. මේ අනුව පළාත් පාලන ආයතන සඳහා යුරෝපා සංගමය සහ ලෝක බැංකුව එක්ව කුඩා මූල්‍ය ප්‍රදාන හඳුන්වා දෙන අතර ඊට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය ද හිමිවේ. සැලැසුම් සහ සේවා සැපයීම හැකියාව වැඩි දියුණු කිරීමට එමගින් බලාපොරොත්තු වේ.
ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, බ්‍රිතාන්‍ය කවුන්සිලය සහ ආසියානු පදනම එක්ව ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන සහ අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ යන අමාත්‍යාංශ සමඟ සහයෝගීත්වයෙන් අදාළ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් සිදු කෙරේ.
වසර හතරක් මුළුල්ලේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙම වැඩසටහනින් පළාත් හතරක පළාත් පාලන 134ක ජීවත් වන ලක්ෂ දහයකට වැඩි ශ්‍රී ලාංකිකයන් පිරිසකට සහන සැපයෙනු ඇත.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මුදල් ඡන්දෙට බදුගන්න වියදම් කරන්න.