IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යාපනයේ අක්කර 700ක ’’ඩොලර් ගස්’’ වගා කරයි

(අංජුල මහික වීරරත්න)

අපනයනය ඉලක්ක කර ගනිමින් යාපනයේ  ඇඹුල් කෙසෙල් අක්කර 200ක් සහ TEJC අඹ අක්කර 500ක  වගා ව්‍යපෘති ඉතා සාර්ථක වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ මෙම වගා අරඹා තිබේ.

TEJC අඹ ව්‍යාපෘතිය යටතේ චාවකච්චේරි එළුතුමට්ටුවාල් ප්‍රදේශයේ අක්කර 500ක TEJC අඹ වගා කර ඇති අතර ඇඹුල් කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානය  නිලාවරෙයි ප්‍රදේශයේ ස්ථාපිත කර ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම ව්‍යාපෘති දෙකෙහි ප්‍රගතිය සොයා බැලීම සඳහා  යාපනයට ගිය අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා ද සහභාගී විය.

මෙම කෘෂි ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව  අමාත්‍යවරයා කීවෙි යාපනයේ ඇඹුල් කෙසෙල් වගාව තවත් අක්කර 400ක් දක්වා ව්‍යාප්ත කරන අතර TEJC අඹ ව්‍යාපෘතිය යටතේ දැන් වගා කර තිබෙන ඉඩම් ප්‍රමාණය ප්‍රමාණවත් බවයි.



අදහස් (4)

යාපනයේ අක්කර 700ක ’’ඩොලර් ගස්’’ වගා කරයි

මැක්ස් Monday, 16 October 2023 01:10 PM

දකුණේ මිනිසුන් රසායනික පොහොර දියව් යනුවෙන් ඩෙගා නැටූ සමයේ උතුරුකරේ ගොවි මහතුන් කිසිවකුගේ බළල් අත් නොවී කටයුතු කරමින් අපනයන බෝග වගා කරමින් එහි ඵල නෙලා ගත්තේ මේ අයුරිනි. තව දුරටත් ලෝකෙට ණය නොවෙමින්, අපනයනයට ජනතාව උනන්දු කරමින් රටට ඩොලර් ගෙන එන්නන්ට කටයුතු කළ ගෝඨාභය මහතා ද මේ අවස්ථාවේ මතක් කිරීම වෛරී 3% කෙසේවෙතත්, කෘතගුණ දත් අයගේ යුතුකමකි....

:       237       34

රුවන්Monday, 16 October 2023 04:00 PM

දන්නෝ දනිති.

:       4       5

රංග Monday, 16 October 2023 04:05 PM

ඔතන ඉන්න දැවැන්ත උන්නැහේ වගේ අය හදලා සුමෝ මාකට් එකට දාන්න පුළුවන්. සල්ලි තමයි.

:       2       6

සිල්වෙස්ටර් Tuesday, 17 October 2023 07:14 AM

එයාලා ඩෙගා නැටුවෙ නෑ තමිල්නාඩු වලින් රසායනික පොහොර ගෙන්නගන්න පුලුවන් නිසා. ඒ දවස්වල වැලිමඩ ටත් ඒ පොහොර ආවා. සියල්ල දත් මැක්ස්. ඔබ අපාගත වීමට සුදුසුකම් සපුරාලීම දිගටම කරගෙන යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site