IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


යාපනේ පාසල් දරුවන්ට බස් නොනවත්වයි

(රොමේෂ් මධුෂංඛ)

ඕමන්ත සිට කිලිනොච්චිය දක්වාත් මුලතිව්හි ප්‍රධාන මාර්ගයන්හි ධාවනය වන ලංගම බස් රථවලට පාසල් සිසුන් ප්‍රවාහනය කරවීමට පොලිසියට මැදිහත්වීමට සිදුව ඇතැයි සිසු දරුවන්ගේ මව්පියෝ පවසති.

බොහො රියැදුරන් උදෑසනට‍ පාසල් සිසු දරුවන් රැසී සිටින බස්නැවතුම්පොළවල බස් රථ නොනවත්වා ධාවනය කරවන බව ද ඔවුහු කියති.

ලංගම බස් රථ මෙන්ම පෞද්ගලික බස්රථද උදෑසන කාලයේ බස්රථවලට පාසල් සිසුන් සිටින බස් නැවතුම්පලවලින් නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් ඇතැම් සිසුන් පාසල යන විට උදෑසන 09 වන අවස්ථාද පවතින බවට පාසල් දරුවන්ගේ මාපියෝ මැසිවිල නගති.

එමෙන්ම මේ දිනවල පාසල් වර්ෂාවසාන විභාගයන් පැවත්වෙන හෙයින් පාසල් සිසු දරුවන් වෙනුවෙන් බස් රථ නොනැවැත්වීම නිසා එම පාසල් ළමුන්ගේ විභාග කටයුතුවලටද දැඩි බාධා එල්ලවී ඇත.

මේ හේතුව නිසාම මුලතිව්හි රථවාහන පොලිස් නිලධාරීන් කිහිප දෙනකු මැදිහත් වී  ධාවනය වන බස් රථ නවත්වා පාසල් ළමුන් බස්රථවලට ඇතුල් කිරීමට සිදුව ඇති අතරම බස්රථ රියදුරන්ටද අවවාද කිරීමට සිදුව ඇත.

 



අදහස් (4)

යාපනේ පාසල් දරුවන්ට බස් නොනවත්වයි

රත්නායක Thursday, 16 March 2023 01:27 PM

මෙය ශ්‍රි ලංගම බලධාරින්ගේ අවධානය නිසි පරිදි යොමු නොවීමෙ ප්‍රතිඵලයකි. මෙම ප්‍රදෙශයෙ පාසල් ළමුන්ගෙ ප්‍රවාහන ගැටළුව පහසුවෙන් විසදිය හැකි වුවත් හැගීමක් නැති නිලධාරින්ට ඒ පිළිබද වගේ වගක් නැත.

:       0       46

Janith Saturday, 18 March 2023 10:54 PM

පව්, අසරණ දරුවෝ.. පාසල් බස් රථ සිසු සැරිය මගින් ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි මෙහෙ?

:       0       0

Naleen Sunday, 19 March 2023 07:06 AM

ගම්පල, මහනුවර මාර්ගයේද මෙම ගැටලුව තිබේ...

:       0       5

Vipula Sunday, 19 March 2023 09:18 PM

බොහෝ ප්‍රදේශවල ඔය තත්වය තියනවා. සමහරවිට වාර ප්‍රවේශ පත්‍ර මිලදී ගත් විටත් මෙසේ කරනවා. ස්ටාලින් ලා වැහි වැහැලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site