
(ශාන්ත රත්නායක)
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ ජාතික ජන බලවේගය අතර හමුවක් ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී අද (20) පෙරවරුවේ පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා යුනිසෙෆ් සංවිධානය වෙනුවෙන් ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් (Christian Skoog) සහ දකුණු ආසියානු කලාප අධ්‍යක්ෂ සංජය වීරසේකර යන මහත්වරුද ජාතික ජනබලවේගය වෙනුවෙන් නායක අනුර කුමාර දිසානායක, ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ ජාතික විධායක සභික නීතිඥ හර්ෂණ නානායක්කාර යන අය සහභාගි විය
එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ළමුන්ට මුහුණපෑමට සිදු වී ඇති ගැටලුකාරී තත්වයන් සහ ඔවුන්ගේ පෝෂණ මට්ටම්වල ගැටලු පිළිබඳව දෙපාර්ශ්වය අතර දීර්ඝව සාකච්ඡාවට බඳුන් විය. එමෙන්ම යුනිසෙෆ් සංවිධානය විසින් මෙරට දරුවන් වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම සංවිධානය විසින් පැහැදිලි කරන ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනසේ පෙර නිමිති ලෝකයටම දැනිලා ලෝක නායකයෝ එක දිගට හමුවෙනවා..! ජයවේවා...!
යුනිසේෆ් නියෝජිතයින්ට සිංහල පුළුවන් නිසා වැඩේ ෂේප්. නැතිනම් මළකෙලියයි. මම හිතුවේ යුනිසේෆ් නියෝජිතයෝ ඒ ගොල්ලන්ගේ පියන්ලා එක්ක ගත්තු පොටෝ එකක් කියලා...
මහත්වරු එක්ක සම්බන්ධ වෙනකොට මහත්වරු විදිහට ඇඳ පැළඳ ගනිල්ලා. ඔබලා නිසා ජෙප්පෝ නොවන අනිත් මිනිස්සුත් ගොබ්බයෝ හැටියට හිතනවා...!