IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


යෝධ වැවේ ගිය ධීවරයන්ගේ සිරුරු හමුවේ

(සිතුම් චතුරංග)

මන්නාරම යෝධ වැවේ මාළු අල්ලන්නට ගිය ඔරුවක් පෙරළීමෙන් අතුරුදහන්ව සිටි ධීවරයන් දෙදෙනාගේ මළ සිරුරු  දහවල් සොයාගත් බව මන්නාරම උයිලන්කුලම පොලිසිය පවසයි.

මසුන් ඇල්ලීමට ගිය ධීවරයන් දෙදෙනකු මාළු දැල් දමා නැවත නොපැමිණීම හේතුවෙන් සිදුකළ සොයාබැලීමකදී රාත්‍රියේ පෙරලී ගිය ඔරුව සොයාගත් බව පොලිසිය පැවසීය.

ඒ අනුව අතුරුදහන් ධීවරයන් සොයා පොලිස් ජීවිතාරක්ෂක බලකාය නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් සෝදිසි මෙහෙයුම් සිදුකළ අතර, සෝදිසි කිරීම් අතරතුර මියගිය ධීවරයන්ගේ මළ සිරුරු සොයාගෙන තිබිණ.

එලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මන්නාරම,සිරිකුලම්,පරප්පුකන්ඩාල් ප්‍රදේශයේ පදිංචි නිමල් පෙරේරා නැමති 55 හැවිරිදි අයකු හා තිරුසේ චන්ද්‍රන් නැමති 37 හැවිරිදි අයකුගේ බව පොලිසිය පැවසීය.

අදාළ පුද්ගලයින් දෙදෙනා මසුල් ඇල්ලීමට ගිය අවස්ථාවේ හදිසි අනතුරකින් ඔරුව පෙරළී ධීවරයින් දෙදෙනා දියේ ගිලීමෙන් මිය යන්නට ඇති බව පොලිසිය සැක පළ කරති.



අදහස් (1)

යෝධ වැවේ ගිය ධීවරයන්ගේ සිරුරු හමුවේ

Bunny Preena Tuesday, 04 July 2023 10:59 AM

බොහොම කනගාටුදායක පුවතක්. ධීවර කර්මන්තයෙ යෙදෙන සමහර අය පිලිපැදිය යුතු ආරක්ශක උපදෙස් පිලිගන්නෙ නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site