
(අංජුල මහික වීරරත්න)
නිදහස් ජාතියක් ගොඩනැගීම සඳහා“ලාංකීය” සංකල්පය “ලාංකීය අනන්‍යතාව” දක්වා දියුණු කිරීමට කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අවතැන්වූවන් නැවත පදිංචි කිරීම ඇතුළු යුද්ධයට අදාල සියලු ප්‍රශ්නවලට 2025 වසර වන විට විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ සියවන ගුණ සමරු උත්සවයට අද (09) පෙරවරුවේ එක් වෙමිනි.
ගුණ සමරු උත්සවය ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි පොන්නම්බලම් අරුණාචලම් පිළිරුව අභියස දී පැවැත්විණි.
ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතාට දැක්විය හැකි ඉහළම ගෞරවය එතුමා ඇති කළ ලාංකීය සංකල්පය ඉදිරියට ගෙන යාම බවද ජනාධිපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට 2025 ත් ඔහේද ජනාධිපති ?රටට අබ සරණයි
ඒ කියන්නේ ISGA ගිවිසුම ක්රීයාත්මක කර උතුරු නැගෙනහිර දෙමළලුන්ට පවරණවා කියලාද? අපිට පෙනෙන්නේ ජෙප්පෝ සමග මෙයාගේ ඩීල් එකක් තිබෙනවා වගෙයි. අනුර කරන්න හදන දේ මෙයා කලින්ම කර දෙන්න හදන්නේ.
උතුරේ වැසියනි...විසඳුම් ඔ්න නම් මට ඡන්දෙ දීපල්ලා. ඊට පස්සෙ මම කමිටුවක් දානව..(2029 වෙනකම් ම)