IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


යුද්ධය අවසන් කරන්න එකමුතුවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

රුසියානු - යුක්රේන යුද්ධය අවසන් කර රුසියාවෙන් යුක්රේනය ආරක්ෂා කිරීම සඳහා කොටස් හතරකින් යුත් සැලසුමක් බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාර්ම පසුගියදා නිවේදනය කළේය.

යුක්රේනයට ලබාදෙන සහාය වැඩි කිරීම සඳහා සන්ධානයක් පිහිටුවීමේ උත්සාහයන් එක්සත් රාජධානිය, ප්‍රංශය සහ අනෙකුත් රටවල් වේගවත් කරනු ඇතැයි  බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්ම ප්‍රකාශ කළේය.එම රටවල් ඇමෙරිකාවද සන්ධානයට එකතු කර ගැනීමට උත්සාහ දරනු ඇතැයි බ්‍රිතාන්‍ය අගමැතිවරයා පැවැසුවේය.

සන්ධානගතවීම සඳහා පැවැත්වූ සමුළුවට රටවල් 18 සහභාගී වී සිටි අතර ඉන් වැඩිම රටවල් ප්‍රමාණය යුරෝපයට අයත් විය. එම සමුළුව සඳහා යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිද සහභාගී වූවේය. " අපි අද ඉන්නේ ඉතිහාසයේ සන්ධිස්ථානායක" සමුළුවට සහභාගී වෙමින් බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාර්ම පැවැසුවේය.

යුක්රේනයට සහාය වීම සඳහා යුරෝපයේ දීර්ඝ කාලයකින් නොදුටු එකමුතුකමක් දැක ගැනීමට හැකියාව ලැබුණු අතර යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කියා සිටියේ යුක්රේනයට "ශක්තිමත් සහයෝගයක්" තිබෙන බව දැනුනු බවයි. යුක්රේන ජනාධිපතිවරයා සහ ඇමෙරිකානු ජනාධිපතිවරයා අතර ධවල මන්දිරයේදී සිදුවූ උණුසුම් වචන හුවමාරුවෙන් දින දෙකකට පසුව මෙම සමුළුව පැවැත්විණි.

ඇමෙරිකාවේ සහයෝගීතාව ලබාගැනීම සඳහා පදනමක් සොයා ගැනීමට යුරෝපයේ සියලුම රටවල් එක්ව කටයුතු කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ස්ටාර්මර් පැවැසුවේය.



අදහස් (4)

යුද්ධය අවසන් කරන්න එකමුතුවක්

MD Monday, 03 March 2025 05:16 PM

යුරෝපයම උදව් කරන්නේ ත්‍රස්තවාදින්ට බව පැහැදිලිය.පව්කාර රටවල්

:       1       0

Kumar Monday, 03 March 2025 10:06 PM

රුසියාවට යුක්රේනයේ කොටසක් දුන්නා නම් යුද්ධය හෙට අවසන් වෙනව. ට්‍රම්ප් ට කරන්න ඕන ඔය ටික කරල හොඳ නම ගන්න. රුසියාවේ ට්‍රම්ප් ගේ හෝටලයකුත් හදයි.

:       0       0

Kumar Monday, 03 March 2025 10:30 PM

යුක්‍රේනය රුසියාවට දුන්නොත් තව ටික කලකින් ඇලස්කාවත් පුටින් ආපසු රුසියාවට ඕන කියයි

:       0       0

Athula Tuesday, 04 March 2025 02:10 PM

කෘර යුද්ධය අනිවාර්යෙන් නතර කරන්න ඉක්මණින්.. විනාශ වෙන්නේ ලෝකයේ වටිනා සම්පත් සහ ජීවිත.. අහිංසක මිනිස්සු දෙපැත්තේම

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site