(කාංචන කුමාර ආරියදාස)
ඉහළ ගිය එළවළු මිල පිළිබඳව සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදි වෙළඳ කණ්ඩායම් පිළිබඳව සොයා බැලීම සඳහා යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද 27 දහවල් හදිසියේම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වන්නට විය.
කිසිදු අයෙකුට දැනුම් දීමකින් තොරව හදිසියේම යුද හමුදාපතිවරයා ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වී වෙළෙන්දන් සමග සහ ගොවීන් සමග ද කෙටි පිළිසදරක නිරත විය.
ශවේන්ද්‍ර සිල්වා මහතා මෙහිදී කියා සිටියේ එලවළු අලෙවි කිරීමේදී සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ විශාල තදබදයක් පවතින බවත් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මාධ්‍ය වල ප්‍රචාරය වීම පිළිබඳව සොයා බැලීමට පැමිණි බවයි.
මෙහිදී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටියේ ජනතාවගෙන් මීටරය දුර පවත්වාගෙන යමින් මෙය පාලනය කරගැනීම අවශ්‍ය බවත් ඇඳිරි නීතිය යොදවා ඇත්තේ රටක් හැටියට ආරක්ෂා වීම සඳහා බවයි .
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවන ක්‍රියාදාමයන් තම ඇස් දෙකෙන් දැක බලා ගැනීමට අවශ්‍ය බවද හෙතෙම සඳහන් කළේය.
බැසිල් රාජපක්ෂ මහතා එළවලු ප්‍රවාහනය කිරීම සඳහා නිවෙස් වලට ගෙන ගොස් දීමට ක්‍රමවේදයක් සකසා තිබෙන බවත් ඉදිරියේදී නිවෙස් වලට එළවළු ප්‍රමාණය යැවීම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවත් සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙළඳ ඇමතිට මොකද වුනේ ?
ඉලේපෙරුම, හමුදා රජයකට මොන වෙළඳ ඇමතිලාද??
වෙළෙඳ ඇමති ඇතුළු බොහෝ මැති ඇමතිවරු මේ දිනවල ඇඳ යට සැඟවී සිටින බවයි ආරංචි.
හමුදාව දාල හරි වැඩේ කෙරෙනවා නම් කමක් නෑ කිය කිය ඉම්මුකො තව අවුරුද්දක් දෙකක්
අවිනීත, අශීලාචාර, තක්කඩි මිනිසුන් බහුලව ජීවත් වෙන රටකට විනයකින් යුතු ජනතාවක් බිහිකිරීමට නම්් වසර කීපයකට හෝ මේ රටට හමුදා පාලනයක් අවශ්‍යයි. ජනාධිපතිතුමා හමුදාව හා පොලිසියේ සහයෝගය ඇතිව මේ මොහොතේ රටට අවශ්‍ය දේ ඉතාම හොඳින් ඉටුකරමින් සිටිනවා. එය අනාගතයේදී මේ රට ගමන් කරන දිශාව තීන්දු කරන තීරණාත්මක සාධකයක් වේවි. ඔවුනට අපේ ප්‍රණාමය පිදිය යුතුයි!!
ඇදිරි නීතිය තිබුනත් නැතත් ඔය එළවලු ආර්ථික මධ්‍යස්ථානවලට ගෙන එන්නේ නැතුව කෙලින්ම නගර වලට ගෙනත් පාරිභෝගිකයාට අලෙවි කරන්න ක්‍රමවේදයක් සකස් කරන්න බැරිද? කුට වෙළදුන්ගේ ගසාකෑම නතරකලොත් එළවලු සාධාරණ මිලකට පාරිභෝගිකයාට දෙන්න පුළුවන් වෙන අතර , ගොවියාටත් සෙතක් සැලසේ.... රටේ ජිවන බර අඩු කරන්න ඕනේ නම් මෙවැනි දේ කලයුතු වෙනවා .