
(ෂේන් සෙනෙවිරත්න)
හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු කෙරුණි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ධජය ඇතුළු රෙජිමෙන්තු ධජ, ප්‍රාදේශීය බල සේනා ධජ, ස්වේච්ඡා රෙජිමේන්තු ධජ වලට එහිදී සෙත් පැතීම සිදු කෙරුණි.
ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ සිට හමුදා ධජ රැගත් පෙරහැර මාළිගාව තුළට පැමිණීමෙන් අනතුරුව දළදා සමිඳුන් වැඩ සිටින කුටිය වෙත රැගෙන ගොස් ආශිර්වාද ගැන්වීම සිදුකෙරුණි . මෙම අවස්ථාවට දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද සහභාගි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද මේකේ තේරුම?
මෙය සැබවින්ම අවශ්‍ය හෝ ප්‍රයෝජනවත්ද ? බොරු සංදර්ශන වෙනුවෙන් මොනතරම් මහජන මුදල් නාස්තියක්ද?