(එම්.සුසිල් පියන්ත)

පිටිගල ඇල්පිටිය මාර්ගයේ හෙවස්ස හතර කණුව පදේශයේදී යතුරු පැදියක් පාරෙන් ඉවතට පැන පාර අයිනේ තිබූ කුඩා පාලමක ඇන්දක ගැටී එහි ගමන්ගත් පාසල් සිසුවෙක් මිය ගිය බව පිටිගල පොලීසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පිටිගල හෙවෙස්ස පදිංචි හත්තක මහා විදයාලයේ උසස් පෙළ විෂය දාරාව හදාරා සරසවි අධයාපනය සඳහා සුදුසුකම් ලැබූ හාල්පන්දෙනි හේවගේ සහන් ලක්ෂිත නමැති සිසුවෙකි.

මේ සිසුවා මේ අනතුරින් තුවාල ලබා ඇල්පිටිය රෝහලට රැගෙන යමින් සිටියදී ඔහු මිය ගිය බවද පොලීසිය කියයි.