IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


යතුරුපැදියක ගැටී කාන්තාවක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමාලි කහවල)

හඳපාන්ගොඩ සමෘද්ධි  බැංකුවෙන් සමෘද්ධි සහනාධාරය ලබා ගැනීම සඳහා යමින් සිටි වයෝවෘද්ධ කාන්තාවක් බැංකුව ඉදිරිපිට දීම තරුණයෙකු පැද වූ යතුරුපැදියක ගැටීමෙන් මියගොස් ඇතැයි ඉංගිරිය පොලීසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ හඳපාන්ගොඩ අරකාවිල  අංක 41 ලිපිනයේ පදිංචිව සිටි මල්ලිකා  ආරච්චිගේ  ලිලා හංසවතී නැමැති 68 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකි.

මියගිය කාන්තාව පාදුක්ක සිට  හඳපාන්ගොඩ දක්වා ධාවනය වන  බස් රථයේ නැග සමෘද්ධි බැංකුව ඉදිරිපිට බස් නැවතුමෙන් බැස බැංකුව දෙසට යාම සඳහා ප්‍රධාන මාර්ගය හරහා මාරු වීමේදී හඳපාන්ගොඩ  සිට පාදුක්ක දෙසට ධාවනය වෙමින් තිබූ  යතුරුපැදියේ ගැටී මෙම අනතුර වී ඇති බව පොලීසිය කියයි.

සිදුවූ අනතුරෙන් බරපතල තුවාල ලද කාන්තාව 1990 සුවසැරිය ගිලන් රථය මගින් හොරණ  මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පැය හතරකට පමණ පසු මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

සිදුවූ අනතුරෙන් යතුරු පැදිකරු වන හඳපාන්ගොඩ කුරණ පදිංචි 19 හැවිරිදි තරුණයකු  තුවාල ලබා ඇති අතර ඔහු  ඉංගිරිය රෝහලේ වාට්ටු අංක එකේ ප්‍රතිකාර ලබා  වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලිකව රෝහල වෙත ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි.

සැකකාර තරුණයාට රියදුරු බලපත්‍රයක් නොමැති බවට අනාවරණය වී අතර පියාට අයත් යතුරු පැදිය ඔහු පදවා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 



අදහස් (0)

යතුරුපැදියක ගැටී කාන්තාවක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site