(ඩී.ජී.සුගතපාල)
ගාල්ල කොළඹ මාරගයේ දඩල්ල කනත්ත අසලදි අද උදෑසන පිය පුතු දෙදෙනකු ගිය යතුරු පැදියට බල්ලකු හැපි සිදුවු රිය අනතුරකින් පියා මිය ගොස් පුතා තුවාල ලබා ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ දඩල්ල වලව්වත්ත පදිංචි කොත්තිගොඩ කංකානම්ගේ සුදත් නිහාල් (59) යන අය එම ස්ථානයේම මියගොස් ඇත.
මියගිය අය 32 හැවිරිදි පුතා සමග යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදි දඩල්ල කනත්ත අසළදි බල්ලකු හැපිමෙන් යතුරු පැදිය පෙරලි එය පදවාගෙන ගිය පියා පාර මැදට විසිවි ඇති අතර පුතා පාර අයිනට වැටි ඇත.
ඒ සමගම පසු පසින් පැමිණි ගාල්ල කොළඹ පුද්ගලික බස් රථයට පාර මැද වැටි සිටි පියා යටවි එම ස්ථානයේම මියගොස් ඇති අතර පසුව බස් රථයේ රියදුරා පොලිසියට පැමිණ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලෙකු හැපුවා කිව්වාම සම්පූර්ණයෙන්ම වැරැදියි... මොකද යතුරුපැදි ධාවනය වෙනවිට මගදෙපස සිටින බල්ලන් යතුරුපැදිවලට පනිනවා. වෙනත් වාහන වලටත් පනිනවා. බල්ලන් ඇතිකරන මිනිස්සු බල්ලන් ලිහාදමා වැරැදි කළත් ඒවා බලන්න කෙනෙක් නැහැ. මේවා නිසා කොපමණ දෙනෙක් අකාලයේ මියගියාද කියලා කාටවත් තේරුම් ගන්න බැහැ...
සතුන් ඇති කරන කිසිම එනක ගුණක් නැති සමහර මිනිසුන් නිසා යන එන අහිංසක මිනිසුන් තම ජීවිත වලින් වන්දි ගෙවනවා .මෙවැනි මරණ ඔවුන්ට කවදා හෝ පඩිසන් දේවි .පීඩාවට පත් වූවන්ගේ ශාපයෙන් ඔවුන්ට මිදෙන්න කවදාවත් ලැබෙන්නේ නැහැ