
(ප්‍රදීප් කුමාර)
මුලතිව් වට්ටපලේ කෝවිලේ පැවති වාර්ෂික උත්සවයට සහභාගී වී නිවස බලා යමින් සිටි තරුණයකු සිදුවූ රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව් පොලිසිය සදහන් කරයි.
මෙම අනතුර අද (10) අලුයම් කාලයේ සිදුව ඇති බවට පොලිසිය සැක පලකරයි.
ඔට්ටුසුටාන් මාංකුලම් මාර්ගයේදී ඕලුමඩු ප්‍රදේශයේදී මෙම තරුණයා ගමන් ගත් යතුරු පැදිය පාලමක ගැටී ඔහු එම පාලම යටින් ගමන් ගත් ඇළ මාර්ගයට ඇද වැටී ජිවිතක්ෂයට පත්ව ඇති බව සැක කරනු ලබයි.
අදාළ තරුණයා යතුරු පැදියේ ගමන් කරමින් සිටියදී නින්ද ගොස් මෙසේ අනතුර සිදු වන්නට ඇති බව සැකකරනු ලබන අතර මුලතිව් පොලිසිය වැඩිදුර විමර්ෂණ සිදු කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශේෂයෙන් නිදිවරා ඉන්න කෙනෙකුට නිදිමත එන්නේ ක්ෂණයකින්... ඉතින් එහෙම කට්ටියට කරන්න තියෙන හොඳම ආරක්ෂිත දේ තමයි නිදිමත නම් පැත්තකට වෙලා හොඳට නිදාගෙන ඉවර වෙලා ගමන් යන්න. නැතිව නිදිමතේ වාහන පදවන එක නෙවෙයි. බොහොම කණගාටුදායක මරණයක්...