(කේ බුද්ධික කුමාරසිරි)
බොරැල්ල - ගොඩගම මාර්ගයේ පනාගොඩ මාර්ගය අසල නවතා තිබූ බහාලුම් රථයක පිටුපස යතුරු පැදියක් ගැටීමෙන් අද (29) අළුයම සිදු වූ අනතුරකින් යතුරු පැදියෙහි ගමන් ගත් තරුණයකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ හෝමාගම සමුපකාර මාවත හබරකඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන දේශාන් රක්ෂිත ප්‍රේමරත්න නමැති 20 හැවිරිදි තරැණයෙකි.
මිය ගිය තරුණයා රැකියා ස්ථානයේ සිට යතුරු පැදියෙන් නිවස බලා යමින් සිටියදී මෙම අනතුර සිදුන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd