IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


යටගිය අපරාධ උඩට ගනී

(ගයාන් සූරියආරච්චි)

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරීම සදහා මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය.

ඒ අනුව විමර්ශනවල අවම ප්‍රගතියක් පෙන්වනු ලබන භාණ්ඩාරගාර බැදුම්කර නිකුතුව, පාස්කු ප්‍රහාරය, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම, 2007 වසරේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රවීන්ද්‍රනාත් සුබ්‍රමනියම් මහතාගේ අතුරුදන්වීම, 2023 දෙසැම්බර් මාසයේදී වැලිගම පොලිසිය විසින් කළ වෙඩි තැබීමකදී වැලිගම පොලිසියේ කොස්තාපල්වරයකු මියයාම සම්බන්ධ විමර්ශන අවම මට්ටමක පවතනි බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දී ඇත.

තවද 2005 වසරේ තාරකී ශිවරාම් නොහොත් ධර්මරත්නම් ශිවරාම් නැමැති මාධ්‍යවේදීයා බම්බලපිටිය ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, යාපනය ප්‍රදේශයේදී ලලිත් කුමාර සහ කුගන් මුරුගනාදන් යන පුද්ගලයන් දෙදෙනා අතුරුදන් කිරීම යන විමර්ශන කටයුතු ද ඉතා කඩිනමින් අවසන් කිරීමට වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලැබී ඇති බවද තල්දූව මහතා කීය.

රට ආනදෝලනාත්මක තත්ත්වයකට තුඩු දුන් නොවිසදුණු අපරාධ පිළිබදව මහජන ආරක්ෂක ආමත්‍යංශය අවධානයට ලක්කරමින් සිදුකළ විමර්ශනවලට අනුව ප්‍රගතිය අවම මට්ටමක පවතින පරීක්ෂණ පිළිබදව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලබාදී ඇති උපදෙස්වලට අනුව මෙම විශේෂ විමර්ශන කඩිනම් කිරීමට උපදෙස් ලැබී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

 



අදහස් (8)

යටගිය අපරාධ උඩට ගනී

විපරමා Sunday, 13 October 2024 02:32 PM

දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ සිදුවූ සුදු වෑන් ඝාතන අතුරුදහන් ගැන ජනතාව දන්නවා. රටේ යුක්තිය නීතිය සාධාරණය පවා විනාශ කරපු කැළෑ නීතිය රජ කරවපු කාලයක්. මේ හැම ඝාතනයක්ම පිටුපස බලලෝභී, බඩගෝස්තරවාදී, කාලකන්නි, දූෂිත, දේශපාලුවන් ඉන්නා බව රහසක් නොවෙයි...

:       3       25

නලින් Sunday, 13 October 2024 02:47 PM

දුන් පොරොන්දු ඉටුකරන්නේ නෑ කියලා කෑගහපු අය, දැන් පළිගන්න පටන් අරන් කියලා කියන්න ලෑස්ති වෙන්න එපා...

:       6       27

Ravi Sunday, 13 October 2024 03:21 PM

තාජුඩීන් නැද්ද?

:       2       20

පොඩිඑකා Sunday, 13 October 2024 03:30 PM

අර මල් කුක්කා ඇඬුවේ ඔය ටික කරගන්නනේ...! දහඅටපාලිය පටන්ගත්තා විතරයි මල්ලි.., යක්කු ටික එකපාර නටන්නේ නෑ... හොඳේ...!

:       5       22

kamani Sunday, 13 October 2024 06:25 PM

තව කට්ටියකුත් ආපු ගමන් ඔය වගේ පරණ ෆයිල් ඇදගෙන දැඟලුවා. ටික කාලෙකට පස්සේ වෙච්චි දෙයක් නැහැ. මේකත් ඒ වගේ නාටයකයක් නෙවෙයි කියන්නේ කොහොමද?

:       9       11

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 13 October 2024 08:44 PM

ඇයි වසීම් තාජුදින්? ලසන්ත වික්‍රමතුංග ඝාතනය?

:       1       11

Dasun Monday, 14 October 2024 08:51 AM

ඇන්ටිජන් හොර අල්ලන්නේ නැද්ද ?කොවිඩ් කාලේ 1/3 ක් හොටෙල් වලින් කප්පම් ගනිපු එවුන්

:       1       5

සමන් විමල් Monday, 14 October 2024 12:20 PM

මේ ටික දවසක් පරක්කු වුනේ හෝදපු වළං ටික වේලාගන්න. දැං හරි තව හෝදමු...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17798 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 753 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site