IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘යුක්ලිඩ්’ අඳුරු පදාර්ථ සොයන්න යයි

තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබූ විශ්වයේ ඇති අඳුරු ශක්තිය සහ අඳුරු පදාර්ථ ගවේෂණය කිරීමේ අරමුණින්, යුරෝපා අභ්‍යවකාශ ආයතනය නිපදවූ දුරේක්ෂය අභ්‍යවකාශයට යැවීම සාර්ථකව සිදුවිය.

දුරේක්ෂය හැඳින්වෙන්නේ ‘යුක්ලිඩ්’ Euclid යනුවෙනි. ඒ, පුරාණ ග්‍රීක ගණිතඥයා සිහි ගන්වමිනි. දුරේක්ෂය අභ්‍යවකාශ ගත කෙරුණේ ඇමෙරිකා නාසා ආයතනයේ සහාය ඇතිවය.

යුරෝපා විද්‍යාඥයන් නිර්මාණය කළ මෙම දුරේක්ෂය උඩු ගුවනට රැගෙන ගියේ නාසා ආයතනය හා සම්බන්ධ ‘ෆෝල්කන් 9’ රොකට්ටුවය. ඒ, කැනරවල් තුඩුවේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටය. දුරේක්ෂය නිපදවීමට ඇමෙරිකන් බිලියන 1.4 ක් වැය වූ බව පැවැසෙයි. දුරේක්ෂය නිපදවීමට ගත වුණු කාලය අවුරුදු 6 කි.

තාරකා විද්‍යාඥයන්ට අනුව, අප මෙතෙක් වටහා ගත් විශ්වයේ සියයට 95 ක් ඇත්තේ අඳුරු ශක්තිය සහ අඳුරු පදාර්ථ ය.

සාර්ථකව අභ්‍යවකාශයට යැවුණු ‘යුක්ලිඩ්’ දුරේක්ෂය රැඳවීම සිදුවන්නේ පෘථිවිය සහ හිරු අතරේ ගුර්ත්වාකර්ෂණය බලය අතින් ස්ථාවර ස්ථානයකය. 

‘එල් 2 ලක්ෂ්‍යය’  යනු මෙම ස්ථානයයි. (2nd Lagrage Point ලෙස තාරකා විද්‍යාඥයන් මෙය හඳුන්වයි.) පෘථිවියෙන් ඔබ්බෙන් 2nd Lagrage Point පිහිටයි.

අභ්‍යවකාශ දුරේක්ෂ රැඳවීම සිදුවන්නේ මෙම ස්ථානයේය. සුප්‍රසිද්ධ  ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ද මෙහි රඳවා ඇත. 2nd Lagrage Point, පෘථිවියේ සිට සැතපුම් මිලියනයක් (කිලෝ මීටර් මිලියන 1.6 ක්) දුරින් පිහිට බව ද පැවැසෙයි.

ලුසිත ජයමාන්න
ස්තුතිය - නාසා ආයතනයට



අදහස් (0)

‘යුක්ලිඩ්’ අඳුරු පදාර්ථ සොයන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site