
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ ඇයිහොඳයිකම් පළුදු වීමත් සමඟ, රුසියන් හමුදා සමඟ සටන් වැදීමට යුක්රේනයට ලබා දෙන සියලුම හමුදා ආධාර නැවැත්වීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළේය.
ඒ අනුව, මින් ඉදිරියට ඇමෙරිකාවෙන් යුක්රේනයට කිසිදු හමුදා ආධාරයක් නොලැබෙනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ඇමෙරිකා ජනාධිපතිවරයාට ප්‍රතිචාර දක්වමින්, කැනඩාව සහ යුරෝපා සංගමයට අයත් රටවල් වන, බෙල්ජියම, ක්‍රොඒෂියාව, එස්තෝනියාව, ෆින්ලන්නය, අයර්ලන්තය, ලැට්වියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය, පෘතුගාලය, ස්ලෝවේනියාව, ස්පාඤ්ඤය සහ ස්වීඩනය ජර්මනිය ඒකමතිකව තීරණය කර ඇත්තේ යුක්රේනයට හැකි පමණින් සහාය පළ කරන බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙලෙන්ස්කියා මෝඩයා බව මම කලිනුත් කිව්වා නෙව. දැල් සැපද සෙලෙන්ස්කියො? ඔය අනික් රටවල් ආධාර දෙන්නෙ රුසියාවට බයේ මිස බොට ආදරේට නෙවෙයි කියලවත් තේරුම් ගන්න උකුණු ඉහක් තරමක් මොල කළඳක් තියේද බාං බොට?
ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනෙකුත් ලෝක නායකයින්ට මෙන් නොව කොඳු ඇට පෙළක් ඇත. ඔහු චීනයට පිටුපසින් සිටින ඔහුගේම රට සංවර්ධනය කිරීමට අවධානය යොමු කරයි. එක්සත් ජනපදය නේටෝව නිසා අනවශ්‍ය යුද්ධවලට සහය දක්වයි. ට්‍රම්ප් මෙය නැවැත්තුවා: හොඳයි!
යුක්‍රේනයට හමුදා ආධාර දීම නවත්වන බවට ප්‍රකශ කර ඇත. යුක්‍රේනයට හමුදා සහ මූල්‍යමය ආධාර ලබාදීමට යුරෝපිය රටවල් සහ කැනඩාව කැමැත්ත පළකර ඇත. එසේ උවත් යුරෝපිය රටවල් කනදවද ඇතුළුව මේ වනවිට පවතින යුද්දය අවසන්කිරීම සදහා අවශ්‍ය මුලික කටයුතු සදහා කටයුතු කරමින් තිබේ. ප්‍රංශ ජනපති කියාසිටියේ පළමුව මාසයක කාලයක් සදහා යුද්දය තාවකාලික නැවැත්වීමක් අවශ්‍ය බවකි. කෙසේ වෙතත් බ්‍රිතන්‍ය ඇතුළු සියලු රටවල් ඇමෙරිකානු සහය සාම ගිවිසුමකට අවශ්‍ය බව ප්‍රකශ කර තිබේ. යුක්රේනයේ පවතින minerals deposits සදහා ඇමෙරිකාව සමග විවිසුමක් අත්සන් කිරීමට සෙලෙන්ස්කී අකමැති උවද එසේ නොකළහොත් ඔහුට ඇමෙරිකානු සහය නොලැබෙන බව ඔහු දනී. ඇමෙරිකාව සමග minerals deposits සදහා ගිවිසුම් ගතවීම මත යුක්රේනයට හමුදා ආධාර පමණක් නොව මුල්‍යමය ආධාර සහ ආරක්ෂාව පිළිබද තහවුරුවීම ලැබේ. ඇමෙරිකාව සමග යුක්රේනය minerals deposits සදහා ගිවිසුම් ඉදිරි සති දෙක තුල සිදුවීමට නියමිත බව කියවේ.
ඒකාධිපති හිට්ලර් මුළු ලෝකෙටම තර්ජනයක් වෙනකොට ඇමරිකාව ගත්තේ ඔහුගේ පැත්ත නොවේ , සෝවියට් රුසියාව ඇෆ්ගනිස්තානේ බලෙන් ආක්‍රමණය කලවිට ඇමරිකාව ගත්තේ රුසියාවේ පැත්ත නොවේ ,ඉරාකේ කුවේට් රට ආක්‍රමණය කල විට ඇමරිකාව ගත්තේ ඒකාධිපති සදාම් හුසේන්ගේ පැත්ත නොවේ , නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව විසින් මෙතෙක් කල් රැකගෙන ආපු සාරදර්ම පසෙක දමමින් ඒකාධිපති පුටින්ට අනුග්‍රහය දක්වමින් , තමන්ගේ මිතුරන් වන කැනඩාව , මෙක්සිකෝව,සහ යුරෝපේ විරසක කරගෙන යන මාර්ගයේ ඔහුට පැවැත්මක් නැත.
සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයෙක් තවත් රාජ්‍ය නායකයෙක් බැහැ දකින්න ආවහම , දිවිපාර්ෂික සාකච්ඡා මාධ්‍ය ඉදිරියේ කරන සිරිතක් නොමැත ,නමුත් ට්‍රම්ප් මේ සියලු සාර දර්ම කඩ කරමින් මාධ්‍ය ඉදිරියේ සෙලෙන්ස්කිට පරිභව කරනු ලැබුවේය. යුක්රේනයේ තිබෙන ඛනිජ සම්පත් වල ඓතිය යුක්රේන ජනතාවට මිස ඇමරිකාවට හෝ රුසියාවට නොවේ. ට්‍රම්ප් සහ පුටින් ක්‍රියා කරන ආකාරය ලෝකය බලා සීටී අද ලෝකයේ යම්කිසි අධ්‍යාපනයක් ඇති බහුතරය මෙම ක්‍රියාවලිය අනුමත නොකරති , මේ ක්‍රියාවලිය රුසියන් ජනතාව කොහොම දැක්කත්. ඇමරිකන් ජනතාව සහ යුරෝපිය ජනතාවෙන් 80% මේක අනුමත නොකරති. රුසියාව සහ ඇමරිකාව එකතුවෙලා බලෙන් යුක්රෙනේ යටත් කරත් නිදහසේ ඛනිජ ද්‍රව්‍ය හාරන්න ඔවුන්ට ඉඩ ලැබෙන්නේ නැත. යුරෝපේ සහ ලෝකයේ අනෙක් රටවල සහය ලබන යුක්රේන හමුදාව අනිවාර්යයෙන් ගරිල්ලා යුද්ධයක් ඔවුන්ට විරුද්ධව ආරම්භ කරන නිසා බොහෝ දෙනෙක් මියයනු ඇත
මේ ප්‍රශ්නය දිහා දේශපාලන කෝණයකින් බලන්න එපා මානුෂිය කෝණයකින් බලන්න , දැන් අපි සියලුදෙනාටම වැටහෙනවා රුසියාව යුක්රෙනේ ආක්‍රමණය කලේ දුර්ලභ කනිජ සම්පත් ලබාගැනීමට මිසක් වෙන ප්‍රශ්නයක් නිසා නොවන බව , මෙවැනි ආක්‍රමණයක් සිදුවන විට එයට විරුධව සටන් කිරීම රාජ්‍ය නායකයකුගේ යුතුකම සහ වගකීම වන බවත් සියලු දෙනාම සිතට ගන්න ඕනේ , සමහරු මෙම ප්‍රශ්නයේදී පුටින් සහ ට්‍රම්ප් වීරයන් ලෙසත් ජනාධිපති සෙලෙන්ස්කි මෝඩයෙකු හෝ දුෂ්ටයෙක් ලෙස හැදින්වීම අනුමත කළ නොහැක , බෝම්බ පුරවාගෙන පැමිණි බුල්ඩෝසරයට තම ජීවිතය නොතකා පහර දුන් රණවිරු ගාමිණී කුලරත්න වීරයා අදත් අපි ආදරයෙන් සිහිපත් කරන්නේ එම නිසාය , ඔහුටත් බුල්ඩෝසරයට පනිනේ නැතුව තම පන බේරාගෙන පලා යන්න ඕනේ තරම් ඉඩ තිබුන නමුත් ඔහු එහෙම කලේ නැහැ , යුරෝපේ ජනතාවට සෙලෙන්ස්කි වීරයෙක්
අනිවාර්යයෙන්ම, සුන්දර රටක් බටහිර රටවල් වල උවමනාවට විනාශ කෙරුවා මේ ගොන් තඩියව පන්නලා දාන්න යුක්‍රේනයේ ජනතාව දැන්වත් පෙරට එන්න ඕනා !
අරවින්ද මොනරවිල මේ යුද්දේ ආරම්භ කලේ යුක්රෙනේ ඛනිජ සම්පත් කොල්ල කන උවමනාව මත පුටින් ප්‍රමුඛ රුසියාව මිස ජනාධිපති සෙලෙන්ස්කි හෝ යුරෝපේ අනිත් රටවල නොවන බව ?, පුටින් යනු වීරයෙක් නොවේ හිට්ලර්ගේ ජාතියේ දුෂ්ට , මිලියන ගණනක ජිවිත විනාශ කරපු ඒකාධිපතියෙක් බව ඔබට වැටහෙන්නේ නැතිද ? ලෝකයේ කුඩා රටවල් තම ආසන්නයේ තිබෙන බලවත් රටවල් වලට යටත්ව ජිවත් වෙන්න ඕනෙද ? මේකද ඔබේ මතය ?
සෙලෙන්ස්කිගේ ගොන්කම නිසා එක ලේ බින්දුවක් හෙලන්නේ නැතුව, රටේ එක බිම් අඟලක් නැති කර ගන්නේ නැතුව වළක්වා ගන්න තිබ්බ යුද්ධේ නැවැත්තුවේ නෑ. සෙලෙන්ස්කියා තමයි යුද්ධය පටන්ගන්න ඕනෑ කරන අඩිතාලම දැම්මේ යුක්‍රේනයට නේටෝ සාමාජිකත්වේ ඉල්ලලා. නේටෝව කියන්නේ රුසියාවට විරුද්ධව හදාගත්තු සංවිධානයක්. මොන මෝඩයාද තමන්ගේ අල්ලපු රට හතුරු හමුදාවක් දා ගන්නකන් බලන් ඉන්නේ... පුටින් කීප වතාවක් සෙලෙන්ස්කියට කියලා කියලා ඇහුවේ නැති තැන ගැහුවා. වෙන කරන්න දෙයක් නෑනේ. ඔය බර්ලින්වල ඉන්න අය බය වෙලා තියෙන්නේ.. ඔවුන්ගේ ආධිපත්‍යයට කෙලවෙන්න පටන් ගත්තු නිසා මිසක් යුක්‍රේනයේ අහිංසක මිනිස්සු ගැන අනුකම්පාවකින් නෙමෙයි...
මේක මම දකින්නේ මෙහෙමයි . ඉන්දියාව ඒ දවස්වල පට්ට විශාල රටක්. ඉන්දියාවට දැන් පකිස්තානය කියන්නේ පට්ට කරදරයක්. තවත් කල්ලක් තිබුණා. ඒක බංගාලදේශය කියලා ඔවුන්ට දුන්නා. නේපාලය කියලා දුන්නා. ඉන්දියාවට කරදර තියන පැත්ත දීලා දැම්මා. - රොෂාන්
ඒක නම් හොඳ දෙයක් .රොෂාන්
ඩොනල්ඩ් ට්‍රම්ප්. ජනාදිපති එයා ගත් තීරණය හරි. යුක්‍රේනය යුද්ධ කරනකොට රට වැසියා පලායනවා. ඇමරිකාවේ කලින් ජනාධිපති යුද්ධය දිගටම අරගන යන්න. ට්‍රිලියන ගණනින් මුදල් දෙන්නේ ආයුධ... නමුත් අපි මේ රටේ වැඩ කරලා... වැටුපෙන් භාගයක් ටැක්ස් ගෙවලා මිලදී ගන්නා හැම බඩුවටම ටැක්ස් එකක් ගෙවලා මේ සේරම මුදල් වෙන රටකට සටන් කරන්නදීලා තමන් රටේ මිනිස්සු, බෝඩුස්සන් පෙල පාලි යනවා ජීවන වියදම අහස උසට.... අපි මොකටද අනුන්ගේ යුද්ධ වලට වියදම් කරන්නේ...? මුදල් නොදී හිටියාම යුද්දෙත් නතර වෙයි. කොයිතරම් ජනගහණයක් ඇමරිකාවේ ජ ජීවත් වෙනවාද? ඒ අයට තවත් හොඳට සැපසේ ජීවත් වෙන්න පුළුවන්. තමන්ගේ රටේ ප්‍රශ්න විතරක් විසදන්හිටියොත්. නැත්නම් දුප්පත් පොඩි රටවල් සේරම මරා ගන්නවා... මේ විදියට උද්ව් කරන්න ගියොත් ඉටපස්සේ.... ඇමරිකාවේ ජනාධිපති වරුන්ට මරන තර්ජනතම රට වැසියාගෙන්... ඕවා කරන්න ගියාම..
අපේ ජේ. ආර්ටයි, රනිල්ටයි තෝන්ළණුව දාලා අන්දලා බලාගත්තු ඉන්දියාවට කෙළින්ම ගියා වගේ, තෝං ළණුව අන්දලා රුසියාවට කෙළින්ම ගිහින් අන්තිමේ ජේ, ආර්ටයි, රනිල්ටයි වුණු දේම සෙලෙස්කිටත් වුණා නේද?
ඉස්සර යුරෝපේ කොටි බලවත් වෙන්න හේතුව යුරෝපේ සිටි අපේ තානාපති වරුන්ගේ දුර්වලතා , ඔවුන් බොහෝ දෙනෙක් විෂය පිලිබඳ දැනුමක් නැති අය , සමහරු රාජකාරිය පසෙක දමා විවිධ වියාපාර කටයුතු වලට මුල් තැන දුන්න , තවත් සමහරු ත්‍රස්තවාදීන්ට සම්බන්ධ පාර්ශව වලින් මුදල් සහ ලාභ ප්‍රයෝජන ගත්ත , එමනිසා එම රටවල් වල මෙහෙ ප්‍රශ්නය පිළිබඳව නිසි දැනුවත් කිරීමක් කලේ නැහැ , නමුත් කොටි එක තමන්ගේ බොරු ප්‍රචාරක කටයුතු නිසි ආකාරයට කරගෙන ගියා , තවම අපේ තානාපති අංශ වලින් 30% පමණවත් සේවාවක් සිදු වෙන්නේ නැහැ ,