(විමුක්ති එස් රුද්‍රිගු)
යුක්රේනයට සහ ඊශ්‍රායලයට ඇමෙරිකානු ඩොලර් බිලියන 106 ක ආධාර පැකේජයක් ලබා දීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සෙනෙට් සභාවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත රිපබ්ලිකන් සෙනෙට් සභිකයෝ ප්‍රතික්ෂේප කරනු ලැබූහ.
රුසියානු හමුදාවන්ට දිගටම පීඩනය එල්ල කිරීම සඳහා යුක්රේනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 61 ක මුදලක් මෙම ආධාර පැකේජයට ඇතුලත් වී තිබිණ.මෙම මුදල නොලැබුනහොත් ශීත කාලයේදී යුක්රේනයට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වනු ඇති බවත් එය රුසියාවට ත්‍යාගයක් වනු ඇති බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.එසේම හමාස් සංවිධානයට එරෙහිව සටන් වැදීම සඳහා ඊශ්‍රායලයටද මෙම ආධාර පැකේජය ඉතා වැදගත් බව ජනාධිපති බයිඩන් පෙන්වා දුන්නේය.
දේශ සීමාව හරහා සෑම දිනකම ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුලුවන 10000 ක් මෙක්සිකානු සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට බයිඩන් රජය අපොහොසත් වී ඇති බැවින් ආධාර පැකේජය සඳහා ඉදිරිපත් වී ඇති පනත් කෙටුම්පතට ඡන්දය නොදෙන බව පෙන්වාදෙමින් රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් 49 දෙනාම පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය භාවිත කර ඇත.රිපබ්ලිකන් සෙනට්සභිකයන් 49 දෙනා සමඟ සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස්ද පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.පනත් කෙටුම්පත සම්මත වීම සඳහා සෙනෙට් සභාව තුළ ඡන්ද 60 ක් ලබා ගත යුතුව තිබිණ.ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාවේ සාමාජිකයන් ගණන 100 කි.
යුක්රේනය සහ රුසියාව අතර යුද්ධයෙන් රුසියාව ජයග්‍රහණය කළහොත් නේටෝ සාමාජිකයන්ට පහර දිය හැකි තත්ත්වයකට රුසියාව පත්වනු ඇති බවත් එවිට ඇමෙරිකානු හමුදා ද යුද්ධයට පැටලෙනු ඇති බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු ඇඟවූවේය.පුටින් යුක්රේනය අල්ලා ගනු ලැබුවහොත් එතැනින් නතර නොවනු ඇති බවත් ඔහු නේටෝ සාමාජිකයන්ටද පහරදෙනු ඇති බවත් ජනාධිපති ජෝ බයිඩන් පුරෝකථනය කළේය. එවිට වර්තමානයේ උද්ගත වී නොමැති තත්ත්වයක් ඇති වී ඇමෙරිකානු හමුදා සහ රුසියානු හමුදා සටන් වදිනු ඇතැයි ජනාධිපති බයිඩන් පැවැසුවේය.
එම නිසා කිසිම විටකත් ජනාධිපති පුටින්ට ජයග්‍රහණය කිරීමට ඉඩ ලබා දිය නොහැකි බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් අපේ නන්දසේන වගේ තමයි.. ජෝකර් බයිඩන්.