යුක්රේනයට අවි ආයුධ සහ යුද්ධෝපකරණ දීමෙන් වළකින්නැයි රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් යළිත් වරක් ඇමෙරිකාවෙන් සහ නේටෝ සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ.
'රුසියන් යුක්රේන අර්බුදය විසඳීමට බලාපොරොත්තු වෙනවා නම්, ඇමෙරිකාව සහ නේටෝ සංවිධානය යුක්රේනයට අවි ආයුධ ලබා දීම වහා නවත්වන්න ඕනෑ' යැයි රුසියන් විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ චීනයේ 'ෂිංහුවා' පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
''රුසියන් යුක්රේන යුද්ධය නවත්වන්න ඇමෙරිකාවට හෝ නේටෝවට හෝ අවශ්‍ය නම්, අවංකව එසේ කරන්න ඔවුන් සූදානම් නම්, පළමුවෙන් කළ යුත්තේ යුක්රේන හමුදාවට අවි ආයුධ දීම වහාම නැවැත්වීමයි. ඊට පස්සේප අපට පුළුවන් සාකච්ඡා පවත්වන්න" යැයි රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් ෂිංහුවා පුවත්පත සමඟ පවසා තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් හමුදා යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ පසුගිය පෙබරවාරි 25 වැනිදාය. රුසියාව යුක්රේනය ආක්‍රමණය කළේ යුක්රේනය 'නෝටෝ' හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට සමීපව කටයුතු කිරීම සහ 'නේටෝ' සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කිරීමට විරෝධය දක්වමිනි.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගත් අවස්ථාවේ පටන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සහ 'නේටෝ' සංවිධානය යුක්රේනයට අවි ආයුධ ලබා දීම සිදු කරයි. මුදල් ආධාර ලබා දෙයි. එක්සත් ජාතීන්ගේ මූල්‍ය අරමුදල පවා යුක්රේනයට මුදල් ආධාර ලබා දීමට කැමැත්ත පළ කර තිබේ.
පසුගිය දා ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනයට සහාය පළ කරමින් තවත් ඇමෙරිකන් ඩොලර් බිලියන 33ක මුදල් පැකේජයක් එරටට ලබා දීමට කටයුතු කළේය.
ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් මෙසේ යුක්රේනයට සහාය දැක්වීම ඇවිළෙන ගින්නකට පිදුරු දැමීමක් යැයි රුසියාව අවස්ථා ගණාවකදී පෙන්වා දී තිබේ.
(රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
යුක්රේනයට ආයුධ දෙන්න එපා
Bamunuarachchi Sunday, 01 May 2022 06:59 PM
ආයුධ දුන්නොත් පරමාණු අවිවලින් උත්තර දෙන්න දෙසැරයක් හිතන්න එපා...