IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


යුක්රේනයට AI ප්‍රකාශිකාවක්

යුක්රේනයේ යුද ගැටුම් සහ රජයේ කටයුතු සම්බන්ධයෙන් පැය 24 පුරා මාධ්‍ය දැනුවත් කිරීම් සඳහා යුක්රේනය AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ප්‍රකාශිකාවක් නිර්මාණය කර ඇත.

මෙම ප්‍රකාශිකාව නියෝජනය කරන්නේ යුක්රේන විදේශ කටයුතු අමත්‍යාංශයයි.

අවශ්‍ය තොරතුරු ලබා දුන් සැණින්, පරිගණක ඇසුරින් නිර්මාණය කළ මෙම ප්‍රකාශිකාව, සැබෑ නිල ප්‍රකාශිකාවක ලෙස, යුක්රේන විදේශ කටයුතු අමත්‍යාංශය වෙනුවෙන්, මාධ්‍ය ප්‍රකාශ ලබා දීම සිදු කරයි.

AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන්, පරිගණක ආධාරයෙන් නිර්මාණය කළ තැනැත්තියක බැවින් ඕනෑම භාෂාවක් කතා කිරීමට ද ඇයට පුළුවනි. යුක්රේන විදේශ කටයුතු අමත්‍යාංශය වික්ටෝරියා ෂී යනුවෙන් මෙම ප්‍රකාශිකාව නම් කර ඇත.

වික්ටෝරියා ෂී නිර්මාණය කර ඇත්තේ රොසලීන් නෝබ්‍රේ නමැති යුක්රේනයේ ජනප්‍රිය ගායිකාවකගේ රූපය සහ අංග චලනයන් පරිගණකට මුසු කිරීමෙනි.

යුක්රේන විදේශ කටයුතු අමත්‍යාංශය AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ප්‍රකාශිකාවක් නිර්මාණය කරන බව දැනගත් පසු ඒ වෙනුවෙන් තම රූපයත්, අංග චලනයත් ලබා දීමට රොසලීන් නෝබේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බව ද පැවැසෙයි.

(එන්.ඩී.ටිවී.)



අදහස් (0)

යුක්රේනයට AI ප්‍රකාශිකාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 218 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 735 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1161 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site