IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


යුක්රේනයේ නගර 80 යටවේ

(විමුක්ති එස් රුද්‍රිගු)

රුසියානු හමුදා පාලනය යටතේ පවතින දකුණු යුක්රේනයේ කකොව්කා ජල විදුලි බලාගාරයේ වේල්ල අද උදෑසන පුපුරා ගොස් ඇතැයි රුසියන් ටුඩේ වෙබ් අඩවිය වාර්තා කර ඇත.

වේල්ල පුපුරා යාම හේතුවෙන් නෝවා කකොව්කා නගරය ජලයෙන් යටවී තිබේ.තවමත් එම නගරයේ මීටර් 11 ක ජල මට්ටමක් තිබෙන බව රුසියන් ටුඩේ පුවත් සේවය පෙන්වා දී ඇත.

වේල්ල පුපුරා ගිය අවස්ථාවේ ඉන් පහළ ප්‍රදේශයේ දිනිප්‍රෝ ගංගාව දෙපස ජීවත් වූ ජනතාවට තම ජීවිත බේරා ගැනීම සඳහා හැකි සෑම දෙයක්ම සිදුකරන ලෙස නිවේදනයක්ද නිකුත් කිරීමට කර්සන් හි හමුදා පාලන අධිකාරිය කටයුතු කළේය.

කකොව්කා ජල විදුලි බලාගාරය ඉදිකර ඇත්තේ යුක්රේනයේ විශාලතම ජලාශය ආශ්‍රිතවය.

වේල්ල පුපුරා යාම හේතුවෙන් දවස් 4 ත් 5 ත් අතර කාලයක් ජල ධාරාවක් පහළට ගලා එනු ඇති බවත් ඉන් නගර 80 වක් පමණ ජලයෙන් යටවිය හැකි බවත් යුක්රේන බලධාරීන් ප්‍රකාශ කර ඇත.

රුසියානු හමුදා පාලනය යටතේ පවතින මෙම විදුලි බලාගාරයේ වේල්ල පුපුරුවා හැර ඇත්තේ රුසියානු හමුදාව විසින් යැයි යුක්රේන බලධාරීන් චෝදනා කර තිබේ.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ යුක්රේන හමුදා එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් වේල්ල පුපුරා ගිය බවත් මෙය යුක්රේන හමුදාවේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවත්ය.



අදහස් (1)

යුක්රේනයේ නගර 80 යටවේ

Podi hadaya Wednesday, 07 June 2023 01:52 PM

රුසියාව කවදද ඇත්ත කිවුවෙ

:       30       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site