
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දුරකතන ඇමතුමක් ලැබුණි. එහිදී, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සමඟ රුසියන් යුක්රේන අර්බුදය අවසන් කිරීමේ සාම වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වීය.
රුසියන් යුක්රේන අර්බුදයේ දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඉන්දීය රජය මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. ඉන්දියාව, රුසියාව සමඟත් යුක්රේනය සමඟත් යහපත් සබඳතා පවත්වාගෙන යයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නර්නේද්‍ර මෝදිගේ සමීපතම මිතුරෙකි. රුසියාව සමඟ පවත්වන හිතවත්කම් ඒ අයුරින්ම පවත්වාගෙන යන අතර, යුක්රේනය සමඟ ඇති හොඳහිත පළුදු වීමට ද අග්‍රාමාත්‍ය මෝදි ඉඩ තබා නැත. ඉන්දියාව අඩු මිලට තෙල් මිලදී ගන්නේ ද රුසියාවෙනි.
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ දුරකතන සාකච්ඡාවක් පැවැත් වූ බවත්, එහිදී රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් කරුණු 10 කින් සමන්විත සාම වැඩපිළිවෙළක් ගැන සාකච්ඡා කළ බවත් පැවැසෙයි.
ඊට අමතරව, දෙරට අතර වෙළෙඳ කටයුතු වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
තමන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දුරකතන ඇමැතුමක් ලබා දුන් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද පවසා තිබේ. ‘ජී20 සමුළුවේ සභාපති ධුරය ඉන්දියාවට හිමිවී ඇත.
2023 වසරේ ‘ජී 20’ සමුළුව පැවැත්වෙන්නේ ඉන්දියාවේය. ‘ජී20’ සභාපති ධුරය ඉන්දියාවට හිමිවීම සම්බන්ධයෙන් ද තමන් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට සුබ පැතූ බව ජනාධිපති සෙලෙන්ස්කී පවසා ඇත.
මීට දින කීපයකට පෙර, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ඇමෙරිකාවේ සංචාරයක නියැලිණි. රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු යුක්රේන ජනාධිපතිවරයා ඇමෙරිකාවේ සංචාරය කළ පළමු අවස්ථාව එය විය.
එහිදී ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සමඟ ද කරුණු 10 කින් සමන්විත නව සාම වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සාකච්ඡා පැවැත්වීය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමයක් ඇතිවෙනවානම් හොදයි .
සෙලන්ස්කි, ඔබ ඇමරිකානු ලනු කාල ඇමරිකාව වෙනුවෙන් තමන්ගේ රට විනාශ කර ගන්නවා.
අසාමාන්‍ය ඇමරිකන් ගැති භාවය යුක්රේනයේ විනාශයට හේතුව වග අවබෝධ කරගන්නා තුරු ඔවුනට මේ විනාශයෙන් ගැළැවිය නොහැක.
බලවත් අසල්වාසී රාජ්‍යය සමඟ ගනුදෙනු කරන ආකාරය මත රටක ආරක්ෂාව රඳා පවතී.