
(ගයාන් සූරියආරච්චි සහ සරත් චින්තක)
වැඩබලන පොලිස්පති වරයාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක කෙරෙන යුක්තිය මෙහෙයුමට සමගාමීව වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකින් හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 35, ග්‍රෑම් 522ක්, හෙරොයින් ග්‍රෑම් 622ක් සහ අයිස් ග්‍රෑම් 10 ක සහ මිලිග්‍රෑම් දහයක් සමග යුවළක් අද අලුයම අත්අඩංගුවට ගත් බව වත්තල පොලිසිය පවසයි.
සැකකාර පුද්ගලයා අවුරුදු (34) සහ ඔහුගේ බිරිය අවුරුදු (30) වන ආදුරුප්පු වීදියේ පදිංචි අයවලුන් බව පොලිසිය පවසයි.
සැකකාර යුවළ මීට මාසයකට පෙර ආදුරුප්පු වීදියේ සිට වත්තල ප්‍රදේශයට පදිංචියට පැමිණ ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව සහ පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරිහු එක්ව මෙම වැටලීම සිදු කළහ.
කැලණිය කොට්ඨාස භාර i ජෙෂ්ඨ පොලිස් අධිකාරී වයිබී ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් පරිදි කැලණිය දිස්ත්‍රික් i බාර පොලිස් අධිකාරි ප්‍රසන්න සිල්වා මහතාගේ මග පෙන්වීම යටතේ වත්තල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන, වැඩ බලන ස්ථානාධිපති අසේල පෙරේරා, පොලිස් කොස්තාපල්වරුන් වන (10524) මදුශංක, (33281) සුමිත්, කාන්තා පොලිස් කොස්තාපල් (13278) වත්සලා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා පොලිස්පති පුටුව බලන් කරන වැඩ මීට කලින් කරන්න බැරි උනේ මොකද ?මීට කලිනුත් බස්නාහිර භාරව නේද හිටියේ ?
"හෑෂ්" කිලෝ තිස්පහ "කුඩු" කියලා හඳුන්වලා තියෙන්නේ දේශබන්දුව බේරා ගන්න වෙන්න ඇති!
දැන් මේ වැඩ බලන පොලිස්පති නේද මෙච්චර දවසක් බස්නාහිර පළාත බාරව හිටියේ ? ඇයි ඒ කාලේ මේව කරන්නේ නැතිව බස්නාහිර මෙච්චර අපරාද වර්දනය වෙන්න දුන්නේ ?
පින් අයිති වන වැඩ!