(යොහාන් භාසුර)
නත්තල් නිවාඩුවෙන් පසුව 'යුක්තිය' මෙහෙයුම නැවත ආරම්භ කළ ඊයේ (27) රට පුරා මෙහෙයුම්වලදී සැකකරුවන් 1422 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 35 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
සැකකරුවන් තුන්දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 37 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවත් එම අමාත්‍යංශය කියයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 73 දෙනෙකු ද ඊයේ අත්අඩංගුවට ගත් බව කී එම නිලධාරියා එහිදී හෙරොයින් ග්‍රෑම් 347 ක්, අයිස් ග්‍රෑම් 827 ක් සහ ගංජා කිලෝ 5 යි ග්‍රෑම් 475 ක් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම මාව අල්ලන්න බැරි වුණානේ... මේ ලංසා..
කෝ තාම මීගමුව පැත්තේ ලොකුම කුඩු මුදලාලියා ඇල්ලුවේ නැහැනේ...?