(යොහාන් භාසුර)
‘යුක්තිය’ මෙහෙයුම යටතේ පසුගිය පැය 24 තුළ මත්ද්‍රව්‍ය සහ පාතාල චෝදනාවට සැකකරුවන් 1,038 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 67 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්‍ෂක අමාත්‍යංශය අද (4) පෙරවරුවේ පැවසීය.
එම පිරිසෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 43 ක් පුනුරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත පුද්ගලයන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 84 ක් පසුගිය පැය 24 තුළදී අත්අඩංගුවට ගත් බවත් එම අමාත්‍යංශය කීය.
හෙරොයින් ග්‍රෑම් 417 ක්, අයිස් ග්‍රෑම් 205 ක්, ගංජා කිලෝ 2 යි ග්‍රෑම් 886 ක් ඇතුළු සෙසු මත්ද්‍රව්‍ය සමඟ විශාල මත්ද්‍රව්‍ය තොගයක් මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් බව ද එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කල් පොලිසිය මොකද්ද කෙරුවේ ?
කෝ තාම කුඩු ගෙනෙන පාලිමන්ට් මන්ත්‍රී වරුන්ගේ ගෙවල් වලට ගියේ නැහැ නේ .මීගමුව පැත්තේ වගේ
බලාගෙන ගියාම මේ රටේ මත්කුඩු බෙදාහරින අයයි, මත්කුඩු භාවිතා කරන අයයි විතරනේ ඉන්නේ. මේ අල්ලන සහ නොඅල්ලන මත්කුඩු රටට ගෙන්වන කිසිකෙනෙක් නැහැනේ. බලන්නකෝ ඒකෙත් හැටි...!