(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අත ගසා ඇත්තේ ලෙහෙසි වැඩකට නොවන බව ආඩපාලි කියන කණ්ඩායම් ද හොඳටම දන්නා බව එක්සත් ජාතික පක්ෂ මහාලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
අසීරු මොහොතක මෙවැනි අමාරු කර්තව්‍යයක් කළ හැක්කේ යකඩ හිතක් ඇති මිනිසෙකුට පමණක් බවද රංගෙ බණ්ඩාර මහතා කීය.
රාජපක්ෂ පාලනය ගැන ජාත්‍යන්තර විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වී උදව් දෙන රටවල් සම්පූර්ණයෙන්ම ඈත් වී තිබූ අතර අද රනිල් වික්‍රමසිංහ මහතාට ඒ සියළු රාජ්‍ය එකතු කර ගන්නට හැකි වී තිබෙන බවද එජාප මහලේකම්වරයා කීය.
එසේ තිබියදී විපක්ෂ නායකවරයා ඇතුළු සජබයේ සහ ජවිපෙ මන්ත්‍රීවරුන් "රනිල් ආවම ජාත්‍යන්තරයෙන් ලැබෙනවා කියු ආධාර කෝ" කියා අසන බවත් රනිල් වික්‍රමසිංහ මහතා අභියෝගය බාර නොගත්තා නම් මේ වන විට ලොකු විනාශයක් වී හමාර බවත් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකඩ හිතක් තිබුණට දමන්නේ ගොන්පාට්නේ. රටක් පාලනය කරන්න යකඩ හිත නොවෙයි ඕනේ උපායශීලී හිත්... මේ එන්නේ අන්තිම තෙල්නැව, මේ එන්නේ අන්තිම හාල්නැව... කිව්වම රට තුළ තිබෙන තත්වය හිතන්න තරම් මොලයක් නැහැ. මිනිසුන්ට බලාපොරොත්තු ඇතිකරවා මිස විස්වාස භංගයක් ඇතිකළ යුතුනැත.
පිස්සුද බන්..රනිල රූකඩයක්..රනිල්ට පාර්ලිමේන්තුවේ මිනිසුන් නැත. ඉන්නේ රාජපක්ෂලාගේ හොර නඩයයි. රනිලා ක්‍රියාත්මක කල යුතු වන්නේ රාජපක්ෂලාගේ නියෝග පමණි. රනිලාට පාර්ලිමේන්තුව තුල අත ඉස්සීමට වෙන අය නැත. පාර්ලිමේන්තුවේ බහුතරය වන පොහොට්ටුවේ එවුන්ව බයියන් පත් කර යවා ඇත. උන් මහින්දගේ එවුන්ය. රනිල් හදන ආණ්ඩුවකට විපක්ෂය යා යුතු නොවන්නේ මේ නිසාය, මන්ද එය රනිල්ගේ ආණ්ඩුවක් නොව රාජපක්ෂ්ලාගේම ආණ්ඩුවකි. රනිල්ගේ ශරිර කූඩුවට මහින්ද අරක් ගෙන ඇත.
රනිල් නැමැති අවස්තාවාදී, බල ලෝබී කුහක දේශපාලන අනාතය අන්තිමට රටේ කොල්ලො කෙල්ලො දිවි හිමියෙන් අරගල කරලා ලබා ගත්තු ජයග්‍රහන අමු අමුවේ පාවා දී ඇත. මොහුද බලය උදෙසා දහස් ගනන් තරුණයන්ගේ ලේ මේ මිහිකත ලෙයින් තෙත් කිරීමට දායක වී ඇත. කොන්දේසි දාපු උන්ට නොදී උන්ට ඕන දේ කරන කොන්දේසි නොදාපු එකාට දුන්නා (- කුණාටුවේ නැව් පදින කථා කියන පලා බබාලගේ දැනගැනීමට)
මුන් ඔක්කොම තාමත් කරන්නෙ මෙක කන එක තමයි. උබ හිත්තන්නෙ රනිය පොරක් කියල්ද? යකෝ අපි මැරිල ඉපදුනේ නැහැ මුන්ගෙ කෙරුවාව අමතක වෙන්න. රටේ මිනිස්සු දැන් ඉන්නෙ සිහිමුර්ජා වෙලා වගෙ තත්වෙක..එකි ප්‍රශ්නෙ.
ඒක නිසාද රනිල් මහබැංකුව හොරා කන්න ඇරියේ? රට බංකොලොත් කිරීමට වගකිවයුතු එක්කෙනෙක් මෙයත්. 6 වතාවක් රටේ අගමැති වෙලා හිටිය ඒ කරපු දේවල් වල ප්‍රතිඵල තමයි දැන් අපි විදින්නෙ. මේ අර්බුදයේ නිර්මාපකයා මෙයා තමයි. නන්දසේනට පණ බේරාගන්න මුක්කු ගහලා දැන් අපිට බණ දේශනා කරනව. හෙට අනිද්දට රනිල්ට බේරෙ වැවේ තමයි නාන්න වෙන්නෙනෙදැන් ජනතාව අවදියෙන්.
යකඩ හිතක් ඇති මිනිහෙක්ම තමා, නැත්තම් ජනතව චන්දෙන් ප්‍රතික්ශේ වෙලා තියේදි ඔව බාර ගනීයිද. එ වගෙම තුන් වෙලක් කන්න දෙනව පොලිම් නෙති කරනව කියල ඇවිත් දෙවෙලක් කන්න කියයිද?
රනිල් ගෙ යකඩ හිත කොහොම උනත් මොලෙ කලදක් තියෙන එකෙක් මෙහෙම කා කරන්නෙ නෑ. හැම නායකයම ගෝට ට අයින් වෙන්න කොන්දේසි දාල අගමැතිකම බාරගන්න හදනකොට රනිල් පැනල ගත්තෙ මොකටද කියල පුත්තලමෙ ඉන්න මෙ වගෙ මිනිස්සු අරෙන්න අනිත් සියලු ජනතව දන්නව.
හැබැයි ඉතින් මේක බාර ගත්තේ නැති ආසයි, බයයි සජිත්ටයි.., කටින් බතල අනුර කුමාරටයි.. වඩා රනිල් හොඳයි...