(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ කාබනික කැට පොහොර නිෂ්පාදනය කෙරෙන විශාලතම කර්මාන්ත ශාලාවක් පන්නල, එලිබ්ච්චියේ දී අද (30)ප්‍රදේශයේ දී විවෘත කෙරිණි.

කොරියානු රජයට අයත් කැට පොහොර නිෂ්පාදන සමාගමක් වන Hyosong OnB සමාගම විසින් 100% පරිසර හිතකාමී කාබනික කැට පොහොර නිෂ්පාදනය කිරීම මෙම කර්මාන්ත ශාලාවෙන් සිදු කරයි.

මෙම කර්මාන්තශාලාව මුළුමනින්ම අධිතාක්ෂනික උපකරණවලින් සමන්විත වන අතර, කාබනික කැට පොහොර නිෂ්පාදනය සඳහා රොබෝ තාක්ෂණය පවා යොදාගෙන තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයට අවශ්‍ය ගුණාත්මකභාවයෙන් ඉහළ කාබනික කැට පොහොර වාර්ෂිකව මෙට්‍රික් ටොන් 1800ක් මෙම කර්මාන්තශාලාව මඟින් නිෂ්පාදන කිරීමට නියමිතය.

Hysong OnB  කැට පොහොර ස‍මාගමේ නව කර්මාන්ත ශාලාව විවෘත කිරීමෙි අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකාවේ දකුණු කොරියා තානාපති වූන්ජින් ජියෝන්ග්  කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහත්වරු ද සහභාගී වූහ.