
(අංජුල මහික වීරරත්න)
ආපදාවෙන් විපතට පත් ජනතාව වෙත බෙදා දීම සඳහා ටින් කළ ටූනා මාළු පෙට්ටි 25,000ක් මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.
බහාලුම් 14ක අසුරන ලද මෙම ටූනා ටින් මාළු තොගය අද (05) පස්වරුවේ මාලදිවයිනේ මහ කොමසාරිස්වරයා විසින් නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත බාර දුන් අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රොෂාන් ධර්මවික්‍රම, බටහිර නාවික ප්‍රදේශයේ නියෝජ්‍ය ප්‍රාදේශීය අණදෙන නිලධාරී කොමදෝරු අරුණ විජේවර්ධන සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩයනා පෙරේරා යන මහත්ම මහත්මීහු එම අවස්ථාවට සහභාගී වූහ.
ආපදාවෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම ඇතුළු සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළට සහාය වෙමින් මාලදිවයින් රජය මෙම පරිත්‍යාගය සිදු කර තිබෙන අතර මෙම ආහාර ද්‍රව්‍ය කඩිනමින් ආපදාවට ලක් වු ප්‍රදේශවල ජනතාව වෙත බෙදා දීමට කටයුතු කරන බව නිලධාරීහු මෙහිදී පැවසූහ.
2025 දෙසැම්බර් මස 04
120
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
361
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාලදිවයිනෙන් ටූනා මාළු පෙට්ටි 25,000ක පරිත්‍යාගයක්