IMG-LOGO

මාදුරුඔය ජලාශයට කඩා වැටුනු යානයේ නියමුවා අත්දැකීම උසාවියේදී දිග හරියි

(උපාලි ආනන්ද)

තමා පැදවූ බෙල් 212 හෙලිකොප්ටර් යානය නිදර්ශන චාරිකාවක් සඳහා මාදුරුඔය යුද හමුදා විශේෂ බළකා කඳවුරෙන් ගුවන්ගත කර තප්පර 30ක් ඇතුළත තම පාලනයෙන් මිදී මාදුරුඔය ජලාශයට කඩාවැටුණු බව හෙලිකොප්ටර් යානය පැදවූ හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝනයේ ප්‍රධාන ගුවන් නියමු, ෆ්ලයිට් ලෙෆ්ටිනන් පෝලන් ජයවර්ධන මහතා දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැසීය.

ප්‍රධාන ගුවන් නියමු, ෆ්ලයිට් ලෙෆ්ටිනන් පෝලන් ජයවර්ධන මහතා මේ බව සඳහන් කළේ, මාදුරුඔය ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකා පුහුණු කඳවුරේ පැවැති විසිර යාමේ උත්සවයකට සමගාමීව නිදර්ශන චාරිකාවක නිරතව පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිඟුරක්ගොඩ මූලික කඳවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝනයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් ගුවන් හමුදා සහ යුද හමුදා විශේෂ බළකා සාමාජිකයන් හය දෙනකුට දිවි අහිමි කරමින් මාදුරුඔය ජලාශයට කඩාවැටීමේ සිද්ධියට අදාළ නඩුව දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් ප්‍රියන්ත හාල්යාල මහතා ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේ මරණ පරීක්ෂණයේ සාක්කි ලබා දෙමිනි.

දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ. ගයාන් බුද්ධික මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ සැරයන් (49145) ගුණරත්න මහතාගේ සාක්කි මෙහෙයවීම මත තවදුරටත් සාක්කි දෙමින් ප්‍රධාන ගුවන් නියමු, ෆ්ලයිට් ලෙෆ්ටිනන් පෝලන් ජයවර්ධන මහතා මෙසේ ද කීවේය.

“මෙම අනතුර සිදු වූ දිනයේ පෙරවරු 6.10ට පමණ බෙල් 212 හෙලිකොප්ටර් යානය හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත කර මාදුරුඔය ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකා කඳවුරට ගොඩබැස්සුවා. මෙම හෙලිකොප්ටර් යානය පැදවූයේ මම. පසුව පෙරවරු 8.00ට පමණ නිදර්ශන චාරිකාවක් සඳහා නැවත මා හෙලිකොප්ටර් යානය ගුවන්ගත කළා.

එසේ හෙලිකොප්ටර් යානය ගුවන්ගත කර තප්පර 30ක් වගේ ඇතුළත මා පදවමින් සිටි හෙලිකොප්ටර් යානය මාගේ පාලනයෙන් මිදී මාදුරුඔය ජලාශයට කඩාවැටුණා. හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩාවැටුණේ මගේ වරදකින් නොවෙයි කියලා මා විශ්වාස කරනවා. 

හෙලිකොප්ටර් යානයේ ඇති වූ යම් කාර්මික දෝෂයක් නිසා එය කඩාවැටෙන්නට ඇති බවට මා සැක කරනවා. කෙසේ වෙතත් මා පදවමින් සිටි හෙලිකොපටර් යානය මාදුරුඔය ජලාශයට කඩාවැටීමට නිශ්චිත හේතුවක් තවම තහවුරු වී නැහැ. ඊට හේතුව මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් තවමත් විමර්ශන සිදු කෙරෙනවා. අනතුරට නිශ්චිත හේතුව දැනගන්නට පුළුවන් වන්නේ විමර්ශනයෙන් පසුවයි. මෙම ගුවන් අනතුරින් හයදෙනකු මියගොස් ඇති බව රෝහලේදී දැනගත්තා.”

මෙම නඩුව මේ මස 21 වැනිදා යළි කැඳවීමට නියෝග කළ දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් ප්‍රියන්ත හාල්යාල මහතා, ගුවන් අනතුරින් මියගිය ගුවන් හමුදා සාමාජිකයන් දෙදෙනාගේ සහ යුද හමුදා විශේෂ බළකා සාමාජිකයන් සිවුදෙනාගේ මරණවලට හේතුව එදිනට ප්‍රකාශයට පත් කිරීමට තීන්දු කළේය. ගුවන් අනතුර සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා දෙහිඅත්තකණ්ඩිය පොලිසියට තවදුරටත් නියෝග කළේය.

මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ ස්ථානාධිපකි ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ. ගයාන් බුද්ධික මහතාගේ උපදෙස් මත, සැරයන් (49145) ගුණරත්න මහතා සිය මූලික කරුණු දැක්වීම්වලදී අධිකරණයට කියා සිටියේ, මාදුරුඔය ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකා පුහුණු කඳවුරේ විසිර යාමේ උත්සවයක් පැවැති බවයි. එම විසිර යාමේ උත්සවයේ නිදර්ශන කටයුත්තක් සඳහා හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුරේ සිට ගුවන්ගත වූ බෙල් 212 හෙලිකොප්ටර් යානයක් පළමුව මාදුරුඔය යුද හමුදා විශේෂ බළකා පුහුණු කඳවුරට ගොඩබස්සවා එම කඳවුරෙන් සෙබළු කිහිප දෙනකු හෙලිකොප්ටර් යානයට නංවා ගෙන නිදර්ශන කටයුත්තක් සඳහා යළි ගුවන්ගත වී ඇති බව ද සැරයන්වරයා කීවේය.

එලෙස ගුවන්ගතව මාදුරුඔය ජලාශයට ඉහළින් පියාසර කරමින් තිබියදී හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩාවැටී ඇති බව අරලංගවිල පොලිසිය පළමුව දෙහිඅත්තකණ්ඩිය පොලිසියට දැනුම් දුන් බව ද පවසා සිටි සැරයන්වරයා, අනතුරුව වාහාම ක්‍රියාත්මක වී අදාළ අංශ දැනුම්වත් කර කඩාවැටුණු යානයේ සිටි පිරිස් මුදා ගැනීමේ සහ රෝහල්ගත කිරීමේ මෙහෙයුම් ආරම්භ කළ බව ද කීවේය.

ගුවන් අනතුරින් ආරක්ෂක අංශ සාමාජිකයන් හයදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් පිරිසක් තුවාල ලබා ඇති බවත් දැනුම් දුන් සැරයන්වරයා, අනතුර සම්බන්ධයෙන් ගුවන් හමුදාපතිවරයාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ද, පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ පොලිසිය විසින් ද විමර්ශන සිදු කරන බව ද පැවැසීය.

පැමිණිල්ල වෙනුවෙන් දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ. ගයාන් බුද්ධික මහතාගේ උපදෙස් මත, සැරයන් (69145) ගුණරත්න මහතා පෙනී සිටියේය. මෙම ගුවන් අනතුරට අදාළ සියලු ප්‍රකාශ සටහන් කරගනු ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ සැරයන් (69145) ගුණරත්න මහතා විසිනි.



අදහස් (1)

මාදුරුඔය ජලාශයට කඩා වැටුනු යානයේ නියමුවා අත්දැකීම උසාවියේදී දිග හරියි

Perakum Liyanagama Wednesday, 13 August 2025 02:12 PM

විස්තරය කියවනවිට තේරෙන්නේ මෙය අනවසර ගමනක් බවයි. එය මේ උත්සවයට අදාල ගමනක් නොවන බව පැහැදිලියි.

:       4       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 77 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 775 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 366 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site