
( තිලකරත්න දිසානායක)
මාළු මිල ගණන් ඉහළ නොයාම පිනිස මාළු සුරක්ෂිතව කල් තබා ගනිමින් ඉදිරියේදී යම් පාලනයක් කිරීමට ධීවර සංස්ථාව පියවර ගනිමින් සිටින බවත් මේ වෙනුවෙන් මූල්‍ය ශක්තිය ඇතිකර තිබෙන බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.
මාළු මිලදී ගැනීම පිනිස කේතයක් හඳුන්වාදීම අද පෙරවරුවේ ගම්පහ ධීවර සංස්ථා පරිශ්‍රයේදී ආරම්භ කරමින් මේ බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා, බැංකු 28 ක සම්බන්ධීකරණය යටතේ ආරම්භ කළ මෙම ක්‍රමවේදය දිවයින පුරා ව්‍යාප්ත කරමින් ජනතාවට සහනයක් ලබා දෙන බවද කීය.
මාළු ලබාගෙන සිය ඡංගම දුරකතනයේ ඇති කේතයක් ඔස්සේ බැංකු හරහා මුදල් ගෙවිය හැකි බව ද වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd