
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බණ්ඩාරගම දිසා රෝහල භාරයේ තිබූ මළ සිරුරක් පැහැරගත් පිරිසෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු පැය කීපයක් තුළදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් වූවන් අතර මියගිය පුද්ගලයාගේ පුත්‍රයා සහ ඥාති දියණියකද වන බව පොලිසිය කියයි.
බණ්ඩාරගම අලුත්ගම ගම්මාන පාරේ ඩබ්ලිව් ඒ සුසන්ත වික්‍රමසිංහ (51) නමැති සිව් දරු පියා බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී බණ්ඩාරගම දෙසට පැමිණීමෙන් සිටියදී ඊයේ (16) රාත්‍රි ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදියක් සමග මුහුණට මුහුණ ගැටී පැදිකරුවන් දෙදෙනාම තුවාල ලබා ඇති අතර මියගිය පුද්ගලයා බරපතල තුවාල ලබා සිටියදි බණ්ඩාරගම දිසා රෝහල වෙත රැගෙන එන විටත් මියගොස් තිබී ඇතැයි පොලිසිය කියයි.
මඳ වේලාවක් ගත වෙද්දී එම පුද්ගලයාගේ ඥාතීන් සහ හිතවතුන් පහලොස්දෙනකුට අධික පිරිසක් යතුරු පැදි සහ තීරෝද රථ මගින් රෝහල් භූමිය කරා පැමිණ එකවරම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත කඩා වැදී වෛද්‍යවරුන්ට පරුෂ වචන කියමින් තර්ජනය කර කාර්ය මණ්ඩලයට හා හදිසි ප්‍රතිකාර ඒකකය තුළින් ඇඳන් පෙරලා දමා එහි ටොලිය මත දමා තිබූ මළ සිරුර බලහත්කාරයේ රැගෙන ට්‍රොලියක් සමඟ තල්ලු කරගෙන බණ්ඩාරගම හොරණ මාර්ගය කරා රැගෙන ගොස් ලොරියක පටවාගෙන පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මළ සිරුර පැහැරගත් පිරිසෙන් හතරක් අල්ලයි
ගලගෙදර එස්ව් කොඩිකාර Thursday, 17 April 2025 01:56 PM
මැරිලාවත් ඒ මනුස්සයාට ඉන්න දෙන්නේ නැති හැටි මේ මිනිස්සු ... ඔබතුමාට නිවන්සුව ලබේවා...!
Hafiz Friday, 18 April 2025 12:36 AM
තව තව සෙල්ලම් ඉස්සරහට. ඔහොම යං.. ඔහොම යං..