මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ සේවය වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇතැයි අධිකරණ සේවා කොමිෂන් සභාව පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද හේතුවෙන් මෙලෙස මහේස්ත්‍රාත්වරයාගේ සේවය අත්හිටුවා තිබේ.
මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ සේවය වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇතැයි අධිකරණ සේවා කොමිෂන් සභාව පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද හේතුවෙන් මෙලෙස මහේස්ත්‍රාත්වරයාගේ සේවය අත්හිටුවා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක එක්කෙනාගේ සේවය අත්හිටුවීම්, රිමාන්ඩ් කිරීම් නොවේ සිදුවිය යුත්තේ... ගරු අධිකරණ ක්ෂේත්‍රයේ මෙවැනි බරපතල බිඳවැටීම් වලට හේතුසාධක ඉවත් කිරීමයි. පහුගිය වකවානුවේ තීන්දු තීරණ ගැනීම් වලදී ගරු අධිකරණයට කොපමණ බලපෑම් එල්ල වූවාද? අධිකරණයට ගල් ගැහැව්වා. ඊට සම්බන්ධ අයවලුන්.. උත්තරීතර යයි කියා ගන්නා තැන... තමන් කැමති විදියට ක්‍රියා කලේ නැහැ. මොකද වුනේ? විනිශ්චයකාරවරුන් කීදෙනෙකුට ස්ථාන මාරුවීම් දුන්නද? කනිෂ්ඨ විනිසුරුවන් උසස් වීම ලැබුවාද? ජේෂ්ඨත්වය නොසලකා හැරියාද? හඬපටවලම තියනවා ඔවුනට අත්වී ඇති ඉරණම. සුදුස්සාට සුදුසු තැන නොලැබීමත්, ගොට්ට අල්ලන්නාට නොසුදුසු තැන ලැබීමත් මෙවැනි බිඳවැටීම් වලට හේතු නොවුවාද?
රටේ ජනතාවට එපාම වෙචච වචන සෙට් එක "යහපාලනය" "ජනතා පරමාධිපත්‍ය ඇත කරනවා" "අධිකරණය ස්වාධින කරා" "මාද්‍ය නිදහස ඇතිකරා" කියන මෙන්න මේ වච සෙට් එක.
අධිකරණය ගැන අපට තියෙන්නේ මහත් ගෞරවයක්. යන්තම් අට පාස් පුද්ගලයකු ඉදිරියේ උගතුන් අපි විස්වාස කරන අය දනින් වැටීම නම් ඉතාම සෝචනීයයි.
මේ බුද්ධිමතුන් සේවයෙන් නෙරපන එක ආණ්ඩුව මාරු වෙනකොට මේවා නතර කරන්න ඕන. අධිකරණයේ මහ තැනට පුළුවන්නේ. මේක නතර කරන්න රටේ නායකයට කඩේ යන. එක නෙමේ වෙන්න ඕන. වරදට දඩුවම් දුන්නේ අධිකරණයෙන් නම්. ඊට ඉහළින් මොන ලොක්කෙකුටවත් යන්න බැරි විදියට රටේ නායකයින් අධිකරණ වැඩ කටයුතු දන්නේ නැහැ ඇයි අධිකරණය රටේ නායකයින් ප්‍රසිද්ධියේ වැරදි වැඩ කරද්දී නැගී නොසිටින්නේ කොන්දක් නැත්ද? අද කොන්දක් නැති නිසා තමයි කිව්ව ගමන් අකුලන් යන්න වෙන්නේ. අධිකරණය ඇතුළේ දේශපාලනය නතර කරලා සේරම නිතියට ඉහළින් ලොක්කන්ට නොයන්න වැඩ පෙන්වන්න ජනතාව ඔබ සමගයි මෝඩයින් ගෙදර යන්නේ එදාට.
අධිකරණය වැනි උත්තරීතර ආයතනයකට පත්වීම් දිය යුත්තේ අධිකරණයේත් එහි තනතුරුවලටත් ගෞරවයක් ඇතිවන පරිදි කටයුතු කළ හැකි නීතිය පිලිබඳ මනා දැනුමක් තිබෙන අයවලුන්ට පමණයි. වසර කිහිපයකට පෙර අධිකරණයේ කීර්තියට සහ ගෞරවයට කැලැල් එකතු කරමින් කටයුතු කළ එක්තරා අග්‍රවිනිශ්චයකාරවරයෙක් පත්වීම් ලැබුවාට පසු තමයි ශ්‍රී ලංකාවේ නීතිඥ ප්‍රජාවේ බොහෝ අය සිතන පරිදි ශ්‍රී ලංකාවේ අධිකරණ ශේෂත්‍රය මහත් පරිහානියකට ලක්වීම ඇරඹුණේ. අධිකරණ නිළතල වලට නුසුදුසු පුද්ගලයින් ඔහුගේ සභාපතිත්වයෙන් යුත් අධිකරණ කොමිෂන් සභාව මගින් පත්වීම් ලැබුවේත් ඒ හේතුවෙන් එවකට සිටි අධිකරණ කොමිෂන් සභාවේ සෙසු සාමාජික විනිසුරුවන් දෙදෙනා ඉවත් වුයේත් මෙවැනි නුසුදුසු පත්වීම් වලින් නොයෙකුත් අක්‍රමිකතා ප්‍රසිද්ධ ලෙස සිදුවෙන්න වුයේ. එහි ප්‍රතිවිපාක දැන් පෙනෙන්නට තිබේ.
බල්ලොත් එක්ක ලැග්ගාම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා කියන එක සනාත කර ගන්න.
සැම ක්ෂේත්‍රයකම අසීමිත දේශපාලනීකරණයේ ප්‍රතිඵලය මේකයි. මහා බැංකුවේ පටන් ග්‍රාම නිලධාරියා දක්වාම හෙන්චයියන් පත් කිරීමේ ක්‍රියාවලිය නැවත නොදැම්මොත් අනාගතයේ රටේ ඉන්න ඔක්කොම උගත් තරුණ පරපුර රට හැර යන එක නවත්වන්න බැහැ. අපි පසුගාමී වෙන්න හේතුව උගතුන් රට යවා විදේශ විනිමය හොයන්න ගත්ත මෝඩ තීරණය. දැන්වත් උගතුන්ට අනිවාර්ය ජාතික සේවා කාලයක් නියම කරන්න.
එංගලන්තේ රැජිනට බරදෙමුද විනිසුරුවන්ගේ පත් කිරීම්, උසස් කිරීම්, මාරුකිරීම් ?