
( රවින්ද්‍ර ලියනගේ )
මහවැව නගරයේ ඉන්දන පිරවුම්හලට අද (15) අලුයම යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු එහි කළමනාකරුට පහරදි පිස්තෝලයක් පෙන්වා තර්ජනය කර මුදල් කොල්ලකා පලා යාමේ සිද්ධියක් සම්බන්දයෙන් පරික්ෂණයක් පවත්වන බව තොඩුවාව පොලිසිය කියයි.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු පිස්තෝලයක් වැනි ආයුධයක් තමන්ට පෙන්වා පහරදි පිරිවුම් හලේ මුදල් ලාච්චුවේ තිබු රුපියල් 207,500 ක මුදලක් කොල්ලකා පලා ගිය බවට ඉන්දන පිරවුම් හලේ කලමනාකරු වන කච්චකඩුගේ කවිෂ සිතුම් යන අය තොඩුවාව පොලිසියට පැමිණිලි කර තිබේ.
ඉන්දන පිරවුම් පොල අසල සවිකර ඇති සිසිටිවි කැමරාවල දර්ශණ උපයෝගි කරගෙන මුදල් මංකොල්ල කා පලාගිය සැකකරු අත් අඩංගුවට ගැනිමට තොඩුවාව පොලිසියේ කිළධාරිහු කණ්ඩායමක් විමර්ශනය කටයුතු වල යෙදි සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd