(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
මහවැලි සංවර්ධන අධිකාරියේ සංචාරක බංගලා විසි හත 2021 වර්ෂයේදී රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙම පාඩුව සිදුවී ඇතැයි පැවසෙන්නේ එම සංචාරක බංගලා ආදායම ඉක්මවා වියදම් දරා තිබීම හේතුවෙනි.
සංචාරක බංගලාවල ආදායම අඩු වෙමින් පැවතියදීත් 2021 වර්ෂයේ සිට මේ දක්වා ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් කාර්යාලය යටතේ පවත්වාගෙන යන සංචාරක බංගලා පහ අන්තර්ජාලයෙන් වෙන් කිරීම හා බාහිර පුද්ගලයන්ට නිකුත් කිරීම නවතා දමා තිබූ බව නිරීක්ෂණය වී යැයිද විගණන වාර්තාවේ දැක්වේ.
එසේම සේවා අවශ්‍යතාවය වෙනුවෙන් සංචාරකයන්ට බැහැර කිරීමද තාවකාලිකව අත්හිටුවා ඇති බව විගණනයේදි තොරතුරු හෙළිවී ඇත.
මේ අතර අධිකාරියේ පැළ තවාන් එකොළහකින් පැළ තවාන් අටක්ම පාඩු ලබා තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. එම පැළ තවාන් වලින් 2021 වර්ෂයේදී ලැබූ පාඩුව රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයකට වැඩිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හදන්නෙ ඔය බංගලා ටික කුණුකොල්ලයට ආණ්ඩුවේ හෙංචයියන්ට දෙන්න. ඕවා බංකොලොත් වුණා නම් වුනේ 226යි, ඔවුන්ගේ බත් බැලයෝයි නිකන් බුකින් දාලා නැතුව සාමාන්‍ය මිනිස්සු ගිහින් නෙවෙයි...
මේ ඔක්කොම පාඩු .නාස්ති කාර වියදම ගෙවාගෙන මේ රටේ මේ විදියට හරි තාමත් ජීවත් වෙලා ඉන්න එකනම් පුදුමයක්
මෙම වකවානුව තුල කොවිඩ් 19 තදින්ම පැතිරුණු අවදියත් ඇතුලත්ද ?සංචරණ සීමා ?