(සජීවා කෝට්ටගොඩ)
මහව විවිධ සේවා සමුපකාර සංගම් මහා සභාව වෙනුවෙන් සභිකයන් තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී සමස්ත ආසන සංඛ්‍යාවෙන් 62% ක ප්‍රතිශතයක් දිනා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සමත්ව තිබේ.
විවිධ සේවා සමුපකාර සංගමයට අයත් ප්‍රාදේශිකයන් 30 ක දී පැවති මෙම ඡන්ද විමසීමේ දී ජනතා විමුක්ති පෙරමුණ සිය බලය තහවුරු කරගෙන ඇත.
මෙහිදී ජනතා විමුක්ති පෙරමුණට ආසන හැට දෙකක් (62), පොදුජන පෙරමුණට ආසන දහයක් (16),සමගි ජන බලවේගය ට ආසන්න දාහතරක් (14 ක් හා ස්වාධීන කණ්ඩායමට ආසන නවයක් (9) ක් වශයෙන් බෙදී ගොස් තිබේ.
මහව සමූපකාර ප්‍රාදේශික තිහක් (30) සඳහා සභිකයන් සිය දෙනකු තෝරා පත් කර ගන්නා අතර ඡන්ද විමසීමේ දී පැවති ප්‍රාදේශීය 30 න් 13 ක් සඳහා ඉදිරිපත් වූ සියලු සභිකයන් ජනතා විමුක්ති පෙරමුණෙන් තේරී පත් වීම ද මෙහිදී කැපී පෙනෙන සිද්ධියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. දැන් දියවන්නාවේ ඉන්න හොරුන්ට හිර ගෙවල් හීනෙන් පේනවා ඇති...
නියමයි. දැන් දියවන්නාවේ ඉන්න හොරුන්ට හිරගෙවල් හීනෙන් පේනවා ඇති...
රතු කොළ නිල් විදිහට බෙදුනු මිනිස්සු හැමෝම දුෂිත පාලකයන් එලවන්න එකතු වෙලා. ජය වේවා
මහමැතිවරණයෙත් ජනතාව මෙහම හිතොවොත් හොදයි..නැත්නම් ඉතින්ග් හැමදාම වහල්ලු තමයි
NPP ජයවේවා... මහා මැතිවරණයේත් අපේ බලාපොරොත්තු NPP ට ජය.
සමුපකාර සමිති සාමාජිකයින් සිටිනවා ඇත්තේ බොහෝවිට එකම පිරිසක්... ඡන්දය කිට්ටුවෙන කාලයේ සමහරු අයින්වෙලා අලුත් කට්ටිය යනවා... කොහොම නමුත් ඒවායේ ඉන්නේ එකම පිරිසක් මිස වැඩි ජනතා සහභාගිත්වයක් නැහැ. සමිතියකින් මැතිවරණ ආසන ප්‍රතිඵලයක් කියන්න බැහැ... වෙලාවකට කියනවා සජබ දිනුවේ කියලා... තවත් වෙලාවක ජාජබ දිනුවේ කියනවා. ආයෙත් කියන්නේ පොහොට්ටුව දිනුවා කියලා. ඒත් මහ මැතිවරණය වෙලාවක මෙම ප්‍රතිඵලයක් සත්‍ය වෙලා තිබේදැයි බලන්න.
වැදගත්ම දිනුම ජනතාව දිනන එක.. ඒ නිසා කාගෙවත් දිනුම් ගැන ඕනෑවට වඩා බලාපොරොත්තු ඇතිකරගන්න එපා. ජනතාව එකතුවෙන දවසට හුරේ දාන්න එකතු වෙමු.