
(දයාරත්න ඇඹෝගම)
මහව සිට අනුරාධපුරය දක්වා නවීකරණය කරන ලද නව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ඊයේ (12) කඩිමුඩියේ ආරම්භ කිරීමට සූදානම් කර තිබුනත් එය අවලංගු කිරීමට දුම්රිය බලධාරීහු පියවර ගත්හ.
අඹන්පොල.ගැටදිවුල ප්‍රදේශයේ ඉදිවන වන අලි උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ද නිසි ලෙස නිමකර නැති අතර මහව අනුරාධපුර අතර දුම්රිය ස්ථාන හතෙන් හයක ප්‍රතිසංස්කරණ කටයුතු නිසිපරිදි නිමකොට නොමැත.
මේ වනවිට වැඩ නිමකොට ඇත්තේ තඹුත්තේගම දුම්රිය ස්ථානයේ ඉදිකිරිම් පමණි.විදුලි සංඥා පද්ධතිය ද නිසිපරිදි නිමකොට නැත.
එසේ අඩුපාඩු රැසක් තිබිය දී මැතිවරණය ඉලක්ක කර ගනිමින් දුම්රිය ධාවන කටයුතු අද (12) දින ආරම්භ කිරීමටත් එයට සාපේක්ෂව උත්සවය අනුරාධපුරයේ දී පැවැත්වීමටත් වන අලි උමං මාර්ගය අසල දේශපාලඥයින්ට බැසීම සඳහා තාවකාලික වේදිකාවක් ඉදිකිරීමටත් අවශ්‍ය සැරසිලි කටයුතු සිදු කිරිමට ද සැලසුම්කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ඡන්දේ දිනන්න රනිල් කරන්න පුළුවන් හැම තුරුම්පුවක්ම ක්‍රියාත්මක කරනවා. හරිම ලැජ්ජයි. දිනන බව හරියට ෂුවර් නම් ඇයි මේ?
අලුත්වැඩියා කටයුතු අගෝස්තු මාසයේදී අවසන් කිරීමට නියමිතව තිබුණි. දැනටමත් පරක්කු වැඩියි. එය කල් දැමීම ජනතාවට සහ රජයට පාඩුවක්...