IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මහව දුම්රිය මාර්ගය විවෘතය අත්හිටුවයි

(දයාරත්න ඇඹෝගම)

මහව සිට අනුරාධපුරය දක්වා නවීකරණය කරන ලද නව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු  ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ඊයේ  (12)  කඩිමුඩියේ  ආරම්භ කිරීමට සූදානම් කර තිබුනත් එය  අවලංගු කිරීමට දුම්රිය බලධාරීහු පියවර ගත්හ.

අඹන්පොල.ගැටදිවුල ප්‍රදේශයේ ඉදිවන වන අලි උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ද නිසි ලෙස නිමකර නැති අතර මහව අනුරාධපුර අතර දුම්රිය ස්ථාන හතෙන් හයක ප්‍රතිසංස්කරණ කටයුතු නිසිපරිදි නිමකොට නොමැත.

මේ වනවිට වැඩ නිමකොට ඇත්තේ තඹුත්තේගම දුම්රිය ස්ථානයේ ඉදිකිරිම් පමණි.විදුලි සංඥා පද්ධතිය ද නිසිපරිදි නිමකොට නැත.

එසේ අඩුපාඩු රැසක් තිබිය දී මැතිවරණය ඉලක්ක කර ගනිමින් දුම්රිය ධාවන කටයුතු අද (12) දින ආරම්භ කිරීමටත් එයට සාපේක්ෂව උත්සවය අනුරාධපුරයේ දී පැවැත්වීමටත් වන අලි උමං මාර්ගය අසල දේශපාලඥයින්ට බැසීම සඳහා තාවකාලික වේදිකාවක් ඉදිකිරීමටත් අවශ්‍ය සැරසිලි කටයුතු සිදු කිරිමට ද සැලසුම්කර තිබිණි.

 



අදහස් (2)

මහව දුම්රිය මාර්ගය විවෘතය අත්හිටුවයි

ජයනාත් Thursday, 12 September 2024 12:48 PM

ඇත්තටම ඡන්දේ දිනන්න රනිල් කරන්න පුළුවන් හැම තුරුම්පුවක්ම ක්‍රියාත්මක කරනවා. හරිම ලැජ්ජයි. දිනන බව හරියට ෂුවර් නම් ඇයි මේ?

:       10       34

Suresh Thursday, 12 September 2024 05:10 PM

අලුත්වැඩියා කටයුතු අගෝස්තු මාසයේදී අවසන් කිරීමට නියමිතව තිබුණි. දැනටමත් පරක්කු වැඩියි. එය කල් දැමීම ජනතාවට සහ රජයට පාඩුවක්...

:       5       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 655 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site