(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
" අනුර මෝදි හොර ගිවිසුම් ඉරා දමනු, අයි.එම්.එෆ් මර උගුලට එරෙහි වෙමු" යන මැයින් ජන අරගල සන්ධානය අත්පත්‍රිකා බෙදා දීමක් සඳහා මහරගම නගරයේ ඉදිකළ අට්ටාලයක් කඩා ඉවත් කිරීමට පොලිසිය පියවර ගැනීමත් සමග අද දහවල් දෙපාර්ශවය අතර බහින්බස්වීමක් ඇතිවි උණුසුම් තත්ත්වයක් හට ගැනීනි.
රජය කරගෙන යන ජනතා විරෝධී වැඩපිළිවෙළ පිළිබඳව අත්පත්‍රිකා බෙදා දී බැනරයකට අත්සන් තැබීමේ විරෝධතා වැඩසටහනක් මහරගම නගර මධ්‍යයේදී ජන අරගල සංධානයේ නියෝජිතයන් පිරිසක් අද සංවිධානය කර තිබූණි.
මෙම විරෝධතා වැඩසටහන අද දිනය පුරා පැවැත්වීම සඳහා හයිලේවල් මාර්ගයේ පදික වේදිකාව මත අට්ටාලයක් ඉදිකොට ඒ මත බැනරය තබා ජනතාවකින් අත්සන් ගැනීමට ද සූදානම් කොට තිබුණි.
එම අවස්ථාවේදී එක්වරම මහරගම පොලිසියේ නිලධාරීන් දහ දෙනකුගෙන් පමණ කණ්ඩායමක් විරෝධතාව පැවති ස්ථානයට කඩා වැදී අට්ටාලය කඩා බැනරය ඉරා දමා විරෝධතාවය විසුරුවා හැරීමට පියවර ගැනීනි.
එම අවස්ථාවේදී ඊට විරෝධය පළ කරමින් සංවිධායකයන් පොලිසිය හා උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ අතර දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ගැණිනි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
මහරගම උණුසුම්
Wanniarachchi Friday, 15 August 2025 02:10 PM
නියමයි දැන් තමයි නියම ජෙපි-පෙරටු සටන තියෙන්නේ
Raix Khan Friday, 15 August 2025 02:15 PM
මොවුන් එලොවටත් නැති, මෙලොවටත් නැති කාලකණ්ණි. මේ අයට ජීවත් වෙන්න සල්ලි හම්බ වෙනවාද? හැමදාම මොකක් හරි කිය කිය උද්ඝෝෂණයක්. අපිට තියෙන වැඩ ටික කරගන්න දවසේ කාලය මදි...
pakeer Friday, 15 August 2025 04:07 PM
මේවාට යන්නේ වැඩක්, පලක් නැති, රස්සාවක් නැති... හරි හමන් ආදායම් මාර්ගයක් නැති, පවුලක් නැති... මෙලෝ වැඩකට නැති සෙට් එකක්.. මම කියන්නේ මොන පක්ෂයෙන් ආවත් එච්චරයි...