(පාලිත ආරියවංශ සහ නිශාන්ත කුමාර)
මහියංගණ ජාතික පාසල ඉදිරිපිට දී සිදුවු රිය අනතුරෙන් මියගිය එකම පවුලේ 10 දෙනාගේ මෘත දේහයන් හදිසි මරණ පරීක්ෂණවලින් පසු පවුලේ ඥාතීන්ට බාරදුන් බව මහියංගනය පොලිසිය පවසයි.
මිය ගිය 10 දෙනාගේ අවසන් කටයුතු අද(18) කතෝලික දේවස්ථාන ගොඩනැගිල්ල වෙත රැගෙන ගොස් එහි තැන්පත් කර කිතුණු දේව මෙහෙයෙන් පසු කතෝලික සුසාන භූමියේ මිහිදන් කිරීමටත් කටයුතු යොදා ඇති බව පවුලේ ඥාතීයකු පැවසීය.
ත්‍රිකුණාමලයේ සිට දියතලාව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක වෑන් රථය මුහුණට මුහුණ ගැටී වෑන් රථයේ ගමන් කළ 10 දෙනෙක් මිය ගොස් දෙදෙනෙක් තුවාල ලැබුහ.
තුවාල ලැබු 13 හැවිරිදි හා 16 හැවිරිදි ගැහැණු ළමුන් දෙදෙනෙක් අසාධ්‍ය තත්වයෙන් බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
මෘත දේහ අද (18) අලුයම මඩකළපුවට රැගෙන ගිය බව පොලිසිය පවසයි.
මහියංගන මහේස්ත්‍රාත් ලක්කෂ්මන් ප්‍රියන්ත මහතාගේ නියෝගය මත හදිසි මරණ පරික්ෂකවරුන් වන එච් .එම්.පී.බී හේරත් සහ ඒ .යූ රාපක්ෂ යන මහත්වරුවන් විසින් මෙම හදිසි මරණ පරීක්ෂණ සිදු කෙරිණි.
මෙම මරණ වලට හේතුව අනතුරේ දී සිදුවූ දැඩි තුවාල, කම්පනය හා අධික රුධිර වහනය බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව තිබූ බවද පොලීසිය වැඩිදුරටත් කීය.
මිය පුද්ගලයන්ගේ සිරුරු සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය මහයංගන රෝහලේ දී සිදුකෙරිණි.
(ඡායාරූප - ටී. එල්. ජ්ව්ෆර්කාන් : මඩකලපුව කතෝලික දේවාලයේදී අවසන් කටයුතු පැවැත්වීම සහ ආදාහනය)





ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් අකල් මරණයකට ඔබ සියලුදෙනාම කවදාවත් ගොදුරු නොවේවා.නිවන් සුව ඔබ සියලුදෙනාටම.
මෙම අගෝස්තුවේ ලංකාවට නිවාඩුවට යෑම මම වර්ජනය කරනවා. හේතුව පාරක ආරක්ෂාකාරීව ගමනක් යන්න බැරි නිසා. යුරෝපයේ මෙන් අධි වේගයෙන් ධාවනය කල හැකි පාරවල් ලංකාවේ තිබුණා නම් ලංකාවේ ජනගහනය මේ වන විට අඩක් වන්නට තිබුණා සහ රටේ බිමෙන් අඩක් සොහොන් කොත් වලින් වැසී යන්න තිබුණා.
මෙවැනි අනතුරු බහුල වෙමින් පවතිනවා ලංකාවේ දැන් . ප්‍රධානම හේතුව රියදුරුට නින්ද යාම. ඇත්තෙන්ම එයට වලක්වන්න බොහොම අමාරු තත්වයක් . නින්ද යාම තත්පරයක් උනත් ඇති ලොකු අනතුරකට . වෙනත් රට වල මෙවැනි අනතුරු වැලක්වීමට සෑම පාරකම මැද හා අයින් දෙකෙයි අගලක් පමණ උස අගල් 3 ක් පමණ දිග කටට කැලි පේලියක් පාරට අල්ලලා තියෙනවා . ඉතින් එක උඩින් වාහනයක රෝදයක් ගිය ගමන් ඇහැරෙනවා අනිවාර්යෙන් ( අත්දැකීමෙන් කියන්නේ) වටිනා ජිවිත හා දේපල බේරා ගැනීම සදහා එවැනි දෙයක් ලංකාවටත් ක්‍රියාත්මක කිරීම හොදයි කියල මම යෝජනා කරනවා.
මෙතන හිටපු වැඩිහිටියෝ තමයි මේ ... නස්පැත්තිය සිද්ද කරගෙන තියෙන්නේ .... මේ අනතුරට පත්වුන පුංචි දරුපැටව් ගැන අපි හුඟක් කණගාටු වෙනවා .
මිනිස්සු පාරේ හැමදාම රිය අනතුරුවලින් මැරෙනවා. අවුරුද්දකට 3000 විතර. මේ ගැන ආණ්ඩුව මොනවාද කරන්නේ. ඒගොල්ලෝ ඩිෆෙන්ඩර්ස් ඉස්සරහින් සහ පස්සෙන් දාගෙන යන්නේ. මේ ගැන ඒගොල්ලන්ට දැන ගැනීමට ඕනෑ කමක් නැත. මේකට පළමුවෙන් කරයුත්තේ මාර්ග අනතුරු අධිකාරියක් සැදීමයි. එයින් කල යුත්තේ රටේ අනතුරු අඩු කීරීමට වැඩ පිළිවෙලක් සාදා එය ක්‍රියාත් මක කීරීමයි. රථ වාහන පොලිසියට දැන් අවුරුදු 70 ක් තිස්සේ මෙය බාර දුන්නට එයින් කිසිම හොඳ ප්‍රතිඵලයක් රටට ලැබී නැත.
වාහනය පදවන කෙනාට සියලු වගකීම දීලා අනිත් අය සැපට නිදා ගන්නවා. අවරුදු 19ක පැඟිරි වයසේ කොල්ලෙක් වාහනය පදවන කොට විශේෂයෙන් රාත්‍රී කාලයේදී , ඉදිරිපස ආසනයේ අසුන් අරන් ඉන්න වැඩිහිටියෙක් කෙතරම් විමසිල්ලෙන් ඉන්න ඕනෙද..? විඩාබර නම් නිදිමත දැනෙනවානම් මදක් විවේක අරන් ගමන යන්න මැලි වෙන්නේ ඇයි.? පසු ගිය ටිකේ කීදෙනෙක් නම් මිය ගියාද ? ඉස්සර අපේ වැඩිහිටියෝ "ඉක්මන් කොටයි " කියලා කීවේ කට කහනවට නොවෙයි. නිවාඩුවට ලංකාවට එන්නත් බයයි දැන්..කව්ද දන්නේ , අපි අපේ පාඩුවේ ගමන ගියත් , මොකෙක් නිදි මතේ ඇඟට ගොඩවෙයිද කියලා.
අනේ මන්ද, දැන්නම් ඔය බස් ඇතුළේ ඇහෙන බෆල් එකේ ශබ්දය නැතුවත් බෑ කියල හිතෙනවා. මොකද, ඔකේ සද්දේ නැත්නම් රියදුරාට නින්ද ගිහින් වාහනේ අනතුරකට පත්විය හැකි නිසා.